Burn Notice TV Series



ඔන්න ආයෙත් ඔයාලට සුපිරි කතා මාලාවක් අරගෙන අපි ආව ඔයාලව හම්බවෙන්න. මේ කතා මාලාවත් අපේ යාලුවො ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය කතා මාලාවක් තමයි. 2007 වසරේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ. IMDB Rating වල 8.0 වගේ ඉහල අගයකට හිමිකම් කියන මේ කතා මාලාව Action, Crime, Drama කියන වර්ගයන් වලට අයත් කතා මාලාවක්. 

දන්නෙ නැති යාලුවන්ට දැනගන්නත් එක්ක කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො. මේ කතා මාලාව දිව යන්නෙ මියාමි ප්‍රාන්තය මුල් කරගෙනයි. Michael Westen තමයි මේ කතා මාලාවෙ කතා නායකය වෙන්නෙ. ඔහු මියාමිහි ජීවත් වෙන පුද්ගලයෙක්. ඔහු ඔත්තුකරුවෙකු ලෙසයි රැකියාව කරන්නෙ. ඒ කියන්නෙ විවිධ පුද්ගලයන්ට ඇති ගැටළු නිරාකරනය කරදෙන පුද්ගලයෙක් ලෙස තමයි ඔහු රැකියාව කරන්නෙ. ඔහුට මේ කටයුත්ත කරගෙන යන්න උදවු වෙන දෙදෙනෙකුත් සිටිනව. ඒ හිටපු FBI ඔත්තුකරුවෙකු වෙන Sam සහ Fiona කියන දෙදෙනායි. 

ඉතිං මේ කාර්‍ය කරගෙන යනකොට ඔවුන්ට මොනවගේ බාධක වලට මුහුන දෙන්න වෙයිද කියන එක බලන්න ඔයාලත් මේ කතාව අරගෙනම බලන්නකො. සටන් ජවනිකා වලින් පිරුනු මේ කතා මාලාවට ඔයාල කැමති වෙන බව නම් නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work