The End of the F***ing World TV Series


මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් ජේම්ස් කියලා කොල්ලෙක්, අනිත් කෙනා ඇලීසා කියලා කෙල්ලෙක්. ඇලීසත් වෙනස්, අමුතු කෙල්ලෙක්. කෙල්ලො කොහොමත් අමුතු, තේරුම් ගන්න බැරි කොට්ටාසයක් නේ. හැබැයි, කෙල්ල ජේම්ස් තරම්ම අමුතුයි කියල කියන්න බෑ. කතාව ගලාගෙන යනකොට කෙල්ල මොන වගේ කෙනෙක්ද කියල තේරුම් ගන්න පුළුවන්. කොල්ලගේ, ඒ කියන්නේ ජේම්ස් මොන වගේ එකෙක්ද කියල වේලාසනම සුද්ද සිංහලෙන් කියල තියන එක හොඳයි කියල හිතෙනවා. ජේම්ස් කියනව නේ පොර මනෝව්‍යාධිකයෙක් එහෙම නැත්තන් Psychopath කියලා. මේ Psychopath කියල කියන්නේ කෙලින්ම කියනව නම් මොලේ විකෘති උන්ට. මං දන්නව විදියට කවුරුවත්ම උපතින්ම Psychopathic වෙන්නේ නෑ. එහෙම වෙන්න බලපාන විවිධ හේතු තියෙනවා. හුඟක් වෙලාවට පොඩි කාලේ සිද්ධ වෙන දරා ගන්න බැරි අත්දැකීමක් හෝ අත්දැකීම් නිසා පොඩි එකෙක් ලොකු වෙනකොට Psychopathic වෙන්න පුළුවන්. තාමත් තේරුනේ නැත්තන් මං මෙහෙම කියන්නම්. ඔය හොලිවුඩ් ෆිල්ම්ස්, ටිවි සීරිස් වල සීරියල් කිලර්ස් (Serial Killers) එහෙම නැත්තන් දාම මිනීමරුවන් කියල කට්ටිය ඉන්නව දැකල තියෙනවද? අන්න ඒ දාම මිනීමරුවන් හැමෝම වගේ මෙන්න මේ කියන Psychopath ලා. උදාහරණයක් කිව්වොත්, අපි මොකක් හරි හොඳ දෙයක් කරලා සතුටක් ලබනවා වගේ මං මේ කියන Psychopathic කෙනෙක් සතුටක් ලබන්නේ කවුරු හරි කෙනෙක්ට හිංසාවක් කරලා. හිංසාවක් කිව්වේ දරුණුම විදියේ හිංසාවක්. ඉතින් මේ ජේම්ස්ගෙයි ඇලීසගෙයි කතාව මොකද්ද කියල දැනගන්න නම් ඔයාලටත් වෙනව මේ කතා මාලාව බලන්න.