The Magicians TV Series



2015 වසරේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.5 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Fantasy කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. කතා මාලාව ගැන අපේ යාලුවන්ට දැනගන්නත් එක්ක ඔන්න අපි පහලින් දාල තියෙනව TV Series Cast පිටුවේ මේ කතා මාලාව වෙනුවෙන් පල කරල තිබුනු ලිපියේ උපුටා ගැනීමක්.

මේ කතා මාලාව මැජික් වලින් මායාකාර දෙවල් වලින් පිරිච්චි කුතුහලය පිරි සුපිරිම කතා මාලාවක්. Quentin වටා තමයි මේ මායාකාර කතාව ගෙතිලි තියෙන්නේ. Quentin කියන්නෙ සුපිරිම මායාකාරයෙක්. මායාකාර දේවල් නිකන් දැන ගන්න ඉගන ගන්න බැනෙ. ඉතින් කතාවෙ මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් Quentin තමන්ගෙ මායාවන් දියුණු කරගන්න යනවා මායා පාසලකට. ඉතින් යන පලවෙනි දවස් ටිකෙම හොද දෙවල් වලට නෙවෙයි මුන දෙන්න වෙන්නෙ. පාසලේ කුලපති තුමාට පාසට ඇතුලු වුනු මෘගයෙක් පහර දෙනවා ඉතින් ඔය සිද්ධිය පිලිබද පරික්ෂණයක් කරනවා. ඕකට කොහොම හරි ක්වින්ටන්⁣ව ගැවෙනවා ඉතින් ⁣ඔහොම යද්දි ඒකට පත් කරපු පරික්ෂක තුමිය ක්වින්ට තව අවස්ථාවක් දෙනවා. ඉතින් පරික්ෂණ වලින් ගැලවිල ඉන්න ඔහුට පුළුවන් වෙනවා. එලියට් සහ මාර්ගෝ තමයි ක්වින්ටන්ගෙ හොදම යාලුවො වෙන්නෙ. පාසලෙන් ක්වින්ටන් අයිති මොන මැජික් ශිල්පී ගොඩටද කියල පරීක්ෂණයක් කරනවා. දන්නවනෙ සිත් කියවන්න අනාගතය දකින්න පුළුවන් අයට කියන්නෙ චෛතසික කියල. අපේ ඇසට පේන මැජික් කරන අයට කියන්නෙ භෞතිකයින් කියල. එයාලව ඒ ඒ විදියට වර්ග කරල වෙන වෙනම නේවාසිකාගාරවලට දානවා. ඔන්න ඔහොමයි කතාවෙ සාරාංශය. මේ කතා මාලාවත් ඔයාල කැමතිම කතා මාලාවක් වෙයි කියල අපි විශ්වාස කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work