Gunpowder TV Series


කතාව ගැන කියනව නම් මේකෙ 17 වන සියවසේ කතාවක් තමයි තියෙන්නෙ. මේ කාලේ තිබ්බ එංගලන්ත ජන සමාජයේ ස්වරූපය හා කතෝලික බැතිමතුන්ට තම ආගමික නිදහස අහිමි වුණ ආකාරය තමයි මේකෙන් නිරූපණය වෙන්නේ. ඔය අතරතුරේ Robert ගෙ නෑදැයන්ට විඳින්න වෙන හිරිහැර නිසා එයා කතෝලිකයන් වෙනුවෙන් සටන් වඳින්නන් එක්ක එකමුතු වෙනවා. Robert කියන්නෙ 17 වෙනි සියවසේ කතෝලික විරෝධි පාලනයක් ගෙන ගිය පළමුවන ජේම්ස් රජු හා ඔහුගේ සේනාව මරන්න Gunpowder Plot කියන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වුණු අසාහය යුධ විරුවෙක්. Gunpowder Plot කියන සැලැස්ම නම් ගොඩක් ජනප්‍රියයි. දන්න අය ගොඩක් ඇති. කතාවෙ සුපිරියටම ඒක ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. කතාවෙ ප්‍රධාන චරිතයට පන පොවන්නෙ කවුද කියන එක Game of Thrones බලන අපේ යාලුවන්ට නම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. එහෙනම් ඉතින් කතාව බලලම අපේ යාලුවො තීරණය කරන්නකො කතාවෙ හොද නරක කොහොමද කියල.