The Gifted TV Series
ස්ට්රකර් පවුල කියන්නේ ඉතාමත් සමගි සමාදානයෙන් ජීවත්වෙන පිරිසක්. මේ අතරින් රීඩ් ස්ට්රකර් (තාත්තා) විපරීතයන් හා සම්බන්ධ ආයතනයක නීතිඥවරයෙක්. මේ පවුලේ පුතා ඇන්ඩිට පාසලේ දී නොයෙකුත් හිරිහැර කරදර සිද්ධ වෙනවා. ඔන්න එක්තරා දවසක් තම අක්කා සමග නැටුමකට ගිහින් ඉද්දි ඇන්ඩිට කරදර කරන සෙට් එකත් එතනට එනවා. දන්නවනේ ඉතින් වැඩිහිටියෙක් නැති තැනක අහු වුනාම මොකද වෙන්නේ කියලා. හැබැයි තමන්ට වෙන හිරිහැර නිසාම කාලයක් තිස්සේ හිරකරගෙන ඉන්න පීඩනය ඇන්ඩි මෙහෙදී නිදහස් කරනවා. දැන් ඉතින් මොනා වේවිද? ඇන්ඩිගේ පීඩනය නිදහස් කිරීම කොහෙන් කෙලවර වේවිද? මේ විපරිතයන්ට උදව් කිරීමට කවුරුන් ඉදිරිපත් වේවිද? මේ ප්රශ්නවලට නම් පිළිතුරු කතාව තුල අන්තර් ගත නිසා කතාව බලලම ඒවා තේරුම් බේරුම් කරගන්න ඕනෙ. මේ ලස්සන කතා මාලාවට ඔයාලත් කැමති වෙන බව නොඅනුමානයි.