Dark TV Series



2017 වසරේ තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.8 ක ඉහල අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙන මේ කතා මාලාව Crime, Drama, Mystery කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. මේ කතා මාලාව ජර්මානු කතා මාලාවක්. නමුත් කතා මාලාව ගොඩක් හොද එකක් නිසා බොහෝ පිරිසක් අතර කතා මාලාව ජනප්‍රිය වුනා. කතා මාලාව ගැන බයිස්කෝප් අඩවියේ පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහලින් දාල තියෙනව අපේ යාලුවන්ට බලාගන්න.

මගේ නම ජෝනාස්. ජීවත් වෙන්නෙ ජර්මනියේ වින්ඩන් කියන නගරයක. මගේ තාත්තා මයිකල් කිසිම හේතුවක් නොමැතිව සියදිවි නසාගන්නවා. ඉතින් මට ඒ කම්පනය දරගන්න බැරුව මාස කිහිපයකට මානසික රෝහලක ඉඳලා ඊට පස්සෙ මම ආයෙමත් ස්කෝලෙ යන්න පටන්ගන්නවා. ස්කෝලෙ ගොඩක් දේවල් වෙනස් වෙලා. අඩුම තරමෙ මගේ පෙම්වතිය පවා මාව අමතක කරල හොදම යහළුවා එක්ක යාළු වෙලා. ඒ වගේම අපේ යහළුවෙක් වුණු එරික් කිසිම සළකුණක් නැතුව අතුරුදහන් වෙලා. අපි එයාව හොයන්න වින්ඩන් ගුහාව ගියාම තමයි මහ අමුතු දෙයක් සිද්ධ වෙන්න පටන් ගත්තෙ. අපිට ඒ මොකක්ද කියල හිතාගන්න බැරි වුණා. මේ දේවල් අතරේ මගේ යහළුවා බාටොස්ගෙ මල්ලි මිකල්, එරික් වගේම අතුරුදහන් වෙනවා. කොහොමද එහෙම වුණේ? අපි හැමෝටම ඒක ලොකු අභිරහසක්… 

ඉතින් මේ මොකද්ද වෙන්නෙ? මේ පිරිස අතුරුදහන් වෙලා තියෙන්නෙ කොහොමද? ජෝනාස්ට ඔවුන්ව හොයාගන්න පුලුවන් වෙයිද? මේ දේවල් වලට පිලිතුරු හොයාගන්න නම් ඔයාලටත් වෙනව මේ කතා මාලාව බලන්න. ඔයාලත් මේ කතා මාලාවට කැමති වෙන බව නම් නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work