Colony TV Series


2016 වසරේ තමයි මෙම කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.3 ක අගයක් ලබාගෙන තියෙන මෙම කතා මාලාව Action, Adventure, Drama කියන කාණ්ඩයන් යටතේ වෙන් කර දැක්විය හැක. කතා මාලාව ගැන හොදින්ම දැනගන්න බයිස්කෝප් අඩවියේ මේ වෙනුවෙන් පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහලින් දාල තියෙනව.
කතා මාලාව දිවෙන්නෙ ටිකක් අනාගත අවධියක. ලෝකය කොටස් වලට කඩලා. ඒවා වෙනම තාප්ප ගහල වෙන් කරල. ඒවා වෙනම පාලනය කරනවා. මේ කොටස් අතර පුද්ගලයින්ට මාරු වෙන්න බැහැ. ඒ වගේම තමයි රෑට ඇදිරි නීතියත් දානවා. ඉතින් විල් කියන්නේ හිටපු හමුදා සෙබලෙක් වගේම FBI නියෝජිතයෙක් ඒත් කතාව ආරම්භයේදී විල් පෙනී හිටින්නේ වෙන නමකින්… ඒ ඇයි කියලා ඔයාලට කතාව බලද්දි දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි විල් ලොස්ඇන්ජලීස් කොටසේ ඉදලා වෙන කොටසකට පනින්න යනවා. එයා ඇයි ඒ පනින්න යන්නේ? එයාට ඒක කරන්න පුළුවන් වෙයි ද? මේ දේවල් දැනගන්න ඔයාලටත් ලොකු කුතුහලයක් ඇති කියල අපි හිතනව. එහෙනම් ඔයාලටත් වෙනව කතා මාලාව බලලම මේ දේවල් වලට පිලිතුරු හොයාගන්න.