Scream TV Series


මේ කතා මාලාවෙ රගපාන අය ගැන සදහන් කලොත් Willa Fitzgerald,Bex Taylor-Klaus, John Karna, Connor Weil Carlson Young සහ තවත් අය රංගනයෙන් දායක වෙනවා. කතාව මෙහෙමයි, කතාව ගලාගෙන යන්නෙ පාසල් යන තරුන කට්ටියක් වටා. කතාව ආරම්භ වන්නේ වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැරීමත් සමග. මේ වීඩියෝව නිසා ඒ වීඩියෝවේ සිටින අය ගොඩක් අපහසුතාවයට පත්වෙනවා. මේ අතර එක් ගෑනු ලමයෙක්ව නන්නාදුනන පුද්ගලයෙක් විසින් ඝාතනය කරනවා. ඔහු වෙස්මුහුනක් පැලදසිටින අයෙක්. ඒ වගේම මේ නගරේ අතීත කතාවකුත් තියනවා. ඒ තමා මේ වගේම මිනීමරුවෙක් මේ නගරේ කාලයකට කලින් ඉදලා තියනවා. ඔහුත් මේ වගේම ශිෂ්‍යයින් ඝාතනය කල අයෙක්. නමුත් ඔහු දැන් මැරිලා. ඒ ටික ඇතිනේ? නැත්නම් කතාවම කියවෙනවා. එහෙනම් කව්ද මේ මිනීමරුවා? ඇයි ඔහු මේ ගෑනු ලමයාව මරන්නේ? කලින් හිටපු කෙනා ඇයි ශිෂ්‍යයින්ව මැරුවේ? අර වීඩියෝ එකට මේකත් එක්ක සම්බන්දයක් තියනවද? කියලා දැනගන්නම් කතාව බලන්නම වෙනවා.