Better Call Saul TV Series


ඔයාල කොයි කවුරුත් දන්න කියන කතා මාලාවක්නෙ Breaking Bad කියන්නෙ. ඉතින් මේ කතා මාලාව තමයි මෙතෙක් ලෝකය පුරාම අතිශය ජනප්‍රියත්වයට පත් වුන Breaking Bad තුලින් බිදී ආ අතුරු කතාව. ඇත්තටම අපිට පෙනෙන හැටියට නම් මේක සෝල් ගුඩ්මන්, වගේම අපි Breaking Bad තුල දැක්ක බොහොම දෙනෙක් එතනට එක්කාසු වුන හැටි පෙන්වන සිතියමක් වගෙයි. ඉතින් මෙවරත් මහානගි අදහස Vince Gilligan හා Peter Gould දෙදෙනාගෙන්. Breaking Bad තුලින් අපි දැක්ක Bob Odenkirk, Jonathan Banks වගේම තවත් බොහොම දන්නා හදුනන පිරිසක් මෙවරත් ආයෙත් තිරයට එනවා වෝල්ටර් නපුරෙක් වෙන්න පෙර ඔවුනොවුන්ගේ ජීවිතය කියා පාන්නට. එහෙනම් ඉතින් Breaking Bad කතා මාලාවට ආදරය කල ඔයාල මේ කතා මාලාවටත් කැමති වෙන බව නම් නොඅනුමානයි.