The Strain TV Series


කතා මාලාව පටන් ගන්නෙ නිව්යෝක් ගුවන් තොටුපලට මගීන් රැගත් ගුවන් යානයක් ගොඩබැස්සවීමත් සමගයි. එහෙත් මෙම යානය කිසිදු ප්රතිචාරයක් දක්වන නෑ ගුවන් තොටුපල සමග. වසංගත රෝග ඒකකයේ ප්රධානී ඒප්රම් ගුඩ්වෙදර් හා ඔහුගේ සාහයිකා නෝරා මාර්ටිනස් මෙම ගුවන් යානය පිලිබදව සොයා බැලීමේදී ඔවුන්ට දැනගන්නට ලැබෙනවා මගීන් හා කාර්යමණ්ඩලය හතර දෙනෙකු හැරෙන්නට අන් සියලු මගීන් මියගොස් ඇති බවට. තවද ගමන් බඩු ලේඛණයේ සදහන් නොවන පස් පිරවූ පෙට්ටියක්ද මොවුන් සොයා ගන්නවා. මේ අතර වැම්පයර් දඩයම් කරන්නෙකු වන ඒබ්රහම් ස්ට්රෙකින් නැමැත්තෙකු ගුඩ්වෙදර් හමුවී ඔහුට කියනවා තමන් මෙවැනි ආකාරයේ සිදුවීමකට පෙර මුහුණ දී ඇති බවත් පස් පිරවූ පෙට්ටිය හා ගුවන් යානයේ සියලු මගින් ඉක්මනින්ම විනාශ කර දමන්නට. එහෙත් ඔවුන් ස්ට්රෙකින්ව පිලි නොගැනීම නිසා තත්වය දරුණු අතකට හැරෙනවා. ඒ කොහොමද කියලා කතා මාලාව බලන් යනකොට ඔයාලට තේරෙයි. ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් කතා මාලාවක් කියල වගකීමෙන් කියන්න පුලුවන්.