Legion TV Series


ඇත්තටම ලීජන් කියන්නේ මාවල් විශ්වයේ ඉන්න තවත් බලගතුම විකෘතිකයෙක් කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්තම් එයා ඔමේගා මට්ටමේ විකෘතිකයෙක්. මහාචාර්ය චාල්ස් සේවියර් හා ගැබ්රියල් හෝලර් දෙන්නා කියන්නේ මනෝවිශේෂඥ ආයතනයේ වැඩ කරපු දෙන්නෙක්. පස්සේ කාලෙක මේ දෙන්නගේ මේ සම්බන්ධය ආදරයක් බවට පත්වෙලා ගැබ්රියල් ගැබ් අරගෙන තියෙනවා. නමුත් ගැබ්රියල් මේ ගැන චාලස්ට කියලා නැහැ. කොහොම කොහොමින් හරි ගැබ්රියල්ගේ හා චාලස්ගේ ළමයා ඉපදිලා තියෙනවා. එයාගේ නම තමයි ඩේවිඩ් චාලස් හෝලර් කියන්නේ. පස්සේ කාලෙක තමයි එයාට කෙටි නමක් හැටියට ලීජන් කියලා නම් කරලා තියෙන්නේ. පස්සේ කාලෙක දැන හදුන ගත්ත නිසාවෙන් තාත්තයි පුතයි අතරේ සම්බන්ධය ඒ හැටි ශක්තිමත් එකක් වෙලා නැහැ.
ලීජන්ට තියෙන්නේ බහු පුරුශ්ත්වයක්/බහු චරිත පුද්ගලතා තියෙන අයෙක්. කොමික් වල නම් එයාගේ බහු චරිත දහස් ගණනක් තියෙනවා කියලා සදහන් වෙනවා. ඒ වගේම මෙයාට විශේෂ බලයන් රාශියක් තියෙනව. ඒ හැම එකක් ගැනම මෙතන සදහන් කරන්නෙ නෑ අපි. නමුත් බයිස්කෝප් අඩවියේ පල වෙලා තියෙන ලිපිය කියෙවුවොත් ඔයාලට ඒ හැම දෙයක්ම දැනගන්න පුලුවන්. ඉතින් මේ කතා මාලාව පුරාවටම ගලාගෙන යන්නෙ ලීජන්ගෙ ජීවිත කතාව තමයි. ඒක බලන්න අපි ඔයාලටත් ආරාධනා කරනව.