The Pacific TV Series


පැසිෆික් සාගරයේ යුධ මෙහෙයුම් වලට සහභාගී වුනු "ඉයුජින් ස්ලෙජ්”, යන මැරීන් භටයා ලියපු U.S. Marines: With the Old Breed: At Peleliu and Okinawa යන පොතත් “රොබෙර්ට් ලෙකී” යන මැරීන් භටයා ලියපු Helmet for My Pillow නම් පොතත් පාදක කරගෙන තමයි මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ වගේම මේ කතාවෙන් විස්තර කරන්නේ දෙවෙනි ලෝක යුද්ධයට සහභාගි වුන මැරීන් බළකාය සිදු කල ප්‍රසිද්ධ යුද මෙහෙහෙයුම් කිහිපයක්. ග්වාඩකැනල් සටන, ග්ලෝස්ටර් තුඩුවේ සටන, පෙලෙලූ දූපත් තුල සිදු වූ සටන, ඔකිනාවා සහ ඉයෝ ජිවෝ වලට සිදු වූ සටන් ගැන විස්තර ගොඩක් මේ කතාව බලන කොට ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙයි. ඒ වගේම මේක හදල තියෙන්නේත් Band of Brothers හදපු කට්ටියම තමයි. ඒ කියන්නේ Steven Spielberg, Tom Hanks, සහ Gary Goetzman කියන තුන් දෙනා.
කතාව පටන් ගන්න හැටි ගැන කිව්වොත් ඒකෙදි විස්තර කරන්නේ මැරීන් භටයන් ග්වාඩකැනල් දූපත් වලට ගොඩ බැසීම ගැනයි. 1941 දෙසැම්බර් 7 වන දින පර්ල් වරායට එල්ල වුන ප්‍රහාරය ගැන හැමෝම අහල ඇතිනේ. ඒ දවසෙම සහ ඊට පසු දින ජපානය එක විට සිදු කල තවත් ආක්‍රමණ කිහිපයක් තිබිලා තියනවා. ග්වාඩකැනල් කියන්නේ එලෙස ජපනුන් ආක්‍රමණය කල තවත් දූපතක්. ඉතින් මේ දූපතේ ජපන්නු ගුවන් තොටුපලක් ඉදි කරනවා. මෙයාලගේ අරමුණ වෙන්නේ එතන ඉදන් ඇමරිකාවට සැපයුම් ගෙනයන නැව් මාර්ග වලට පහර දෙන එක. ඒක වටහ ගන්න ඇමරිකාවේ හමුදාව මැරීන් සේනාංකයක් මේ දූපත ආක්‍රමණය කරන්න යවනවා. මේ මැරීන් සේනාංකය දූපතට ගොඩ බැස්සට පස්සේ ජපන් නාවික හමුදාව ඇමරිකානු නාවික හමුදාවට දරුණු පහර දීමක් සිදු කරනවා. මේ නිසා ඇමරිකාවේ නාවික හමුදාවට මැරීන් භටයන් තනි කරලා විවෘත මුහුදට පසු බහින්න වෙනවා. ඒ වගේම මැරීන් භටයන්ට නාවික හමුදාව නැති නිසා උණ්ඩ, වෛද්‍ය උපකරණ ඇතුලු සැපයුම් ගොඩක් අහිමි වෙනවා. ඉතින් මැරීන් සේනාංකයට වෙන්නේ මොකක්ද කියන එක මේ කතාව බලලම දැන ගන්න.