Prime Minister and I TV Series


අගමැති අපේක්ෂක කවුන් යුල් සහ පත්තර වාර්ථාකාරී නම් දා ජන්ග් මොකද හිතන්නේ, අගමැතියි වාර්ථාකාරියකුයි කොහෙද එකට ඉන්නේ! පිස්සු හැදෙයි නේද? අනිවාර්යෙන් නම් දා ජන්ග්ට අගමැතිව බදින්න වෙන්නේ තාත්තට අසනිප නිසයි. ලෙඩක් කිව්වට නිකන් ලෙඩක් නෙමෙයි, මාස 6යි ජීවත් වෙන්නේ කියලා කිව්වොත් හරි. තාත්තගෙ අන්තිම කැමැත්ත තමයි දා ජන්ග්ව විවාහ කරලා දෙන එක. අන්න ඒ හේතුව නිසයි අගමැතියි වාර්ථාකාරියයි විවාහ වෙන්නේ, ඕකේ ගිවිසුමකුත් තියෙනවා, මොකද දා ජන්ග් බයයි අගමැතිට. හේතුව තමයි අගමැති හැම වෙලේම මල අතේ තියන් ඉන්නේ, තව දෙයක් අගමැතිට ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා…!
ඔයාලා බලනවා ඇති මොනවා කියනවද කියලා, ඒත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුඵවන් ලස්සන ආදර කතාවක්. දා ජන්ග් මේ විවාහය ඇතුලේ ජිවත් වෙන හැටි ලස්සනට පෙන්නල තියෙනවා. එහෙනම් අපේ යාලුවො කතාව බලල තේරුම් ගන්නකො ඉස්සරහට වෙන්නෙ මොකද්ද කියල.