Person of Interest TV Series
කතා මාලාව ගැන කියනව නම් මේ කතා මාලාවෙ අපිට ප්රධාන චරිත දෙකක් මුනගැහෙනව. John Reese සහ Harold Finch තමයි අපේ ප්රධාන චරිත වෙන්නෙ. Harold Finch කියන්නෙ සුපිරි මෘදුකාංග වැඩ්ඩෙක්. ඉතින් ඔහු අමුතුම ආකාරයේ යන්ත්රයක් හදනව රජය වෙනුවෙන්. මේ යන්ත්රයට පුලුවන් ලෝකෙ ඕනෙම ජංගම දුරකතනයක්, ඊමේල් පණිවිඩ හෝ කැමරා වලට පිවිසෙන්න. ඒ මගින් ඕනෙම තැනක වෙන ත්රස්වාදී ක්රියාකාරකමක් කල්තියාම හදුනගන්න මේ යන්ත්රයට හැකියාව තියෙනව.
ඒ වගේම John Reese කියන්නෙ ඉතාමත් දක්ෂ හිටපු CIA නියෝජිතයෙක්. Harold Finch සහ John Reese දෙන්න එකතුවෙලා මේ යන්ත්රයේ උදවුවෙන් ඉදිරියේදී සිදු වෙන්න යන භයානක ක්රියාකාරකම් සාර්ථකව අඩාල කරන හැටි තමයි කතා මාලාව පුරාම තියෙන්නෙ. ඒ වගේම Finch ගෙ යන්ත්රය හැක් කරන්න හදන හැකර් කෙනෙකුත් අපේ කතා මාලාවෙ ඉන්නව. නමුත් Finch සහ Reese මේ හැම දෙයක්ම මගහරවගනිමින් තමන්ගේ කාර්යය සාර්ථකව කරගෙන යන හැටි ඔයාලට කතා මාලාවෙන් බලාගන්න පුලුවන්.