Almost Human TV Series


ඔන්න ඉතිං මම අදත් ආව ඔයාලට සුපිරි කතා මාලාවකුත් අරගෙන. ටිකක් වෙනස් විදිහෙ කතා මාලාවක් තමයි අද ඔයාලට අරෙගෙන ආවෙ. ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ කතා මාලාවක් තමයි මේක. IMDB Rating වල 8.1 ක් වගේ ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Crime, Drama කියන වර්ගයන් යටතට බෙදා දැක්විය හැකියි. 2013 වසරේ සිට 2014 දක්වා කාලයේ විකාශනය වුනු මේ සීරීස් එකේ තියෙන්නෙ එක සීසන් එකක් පමණයි. නමුත් මුළු සීසන් එකම කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන්.

එහෙනම් ඉතින් කතාව ගැනත් පොඩ්ඩක් දැනගමුකො. මේ කතා මාලාවෙ අපිට ප්‍රධාන චරිත දෙකක් තියෙනව. මේ එක චරිතයක් නම් මනුෂ්‍යයෙක්. නමුත් අනිත් කෙනා රොබෝ කෙනෙක්. රොබෝ කෙනෙක් කිවුවට හැගීම් දැනීම් එහෙම තියෙන රොබෝ කෙනෙක්. මේ හින්ද තමයි මම ඔයාලට කතා මාලාව පටන් ගනිද්දිම කිවුවෙ මේක ටිකක් වෙනස් විදිහෙ කතා මාලාවක් කියල. 

අපේ එක ප්‍රධාන චරිතයක් තමයි John Kennex කියන්නෙ. ඔහු රහස් පරීක්ෂකවරයෙක් විදිහට තමයි සේවය කරන්නෙ. ඉන්සින්ඩිකේට් කියල අපරාධ කල්ලියකට එරෙහිව දියත් කරන මෙහෙයුමකදි ජෝන්ගෙ කණ්ඩායමේ සියලුම සගයන් මිය යනව. ඒ වගේම ජෝන්ට පාදයක් අහිමි වෙනව. එමෙන්ම ජෝන් කෝමා තත්වයට පත් වෙනව. කොහොම නමුත් වසර දෙකකට පසුව ජෝන් පියවි සිහිය ලබනකොට තත්වය බොහෝ වෙනස් අතට හැරිලයි තියෙන්නෙ. ඒ කියන්නෙ පොලිස් පරීක්ෂකවරුන්ට සහයට කණ්ඩායමක් ලබා දෙන්නෙ නෑ. ඒ සදහා ඔවුන්ට ලබා දෙන්නෙ විශේෂ හැකියාවන්ගෙන් යුක්ත රොබෝ වරයෙකුයි. ඒ අනුව ජෝන්ටත් ඔහුගේ සහයට රොබෝ කෙනෙක් ලැබෙනව. ඔහු තමයි අපේ කතාවෙ අනිත් ප්‍රධාන චරිතය. මේ රොබෝගෙ නම තමයි Dorian. 

කොහොම හරි ජෝන්ට දැනගන්න ලැබෙනව ඉන්සින්ඩිකේට් කණ්ඩායම තවත් විශාල හොරකමක් කරල කියල. ඉතින් ජෝන් ඔහුගෙ සහයකයත් එක්ක එකතු වෙලා මේ කණ්ඩායමට එරෙහිව සටන් කරනව. මේ අතරතුර ඔවුන්ට නොදැනිම ඔවුන්ට එරෙහිව විශාල කුමන්ත්‍රණයකුත් කෙරී ගෙන යනව. 

ඉතිං මේ සියළුම ප්‍රශ්න වලට මුහුන දෙමින් ජෝන් අපරාධ වලට එරෙහිව නැගී සිටින අකාරය බලන්න අපි ඔයාලටත් ආරාධනා කරනව. එහෙනම් ඔයාලටත් පුලුවන් මේ කතා මාලාව අරගෙන බලන්න මේ කතා මාලාව කොච්චර ලස්සනද කියල. කොටසින් කොටසට රසවත් වෙන මේ කතා මාලාවට ඔයාලත් කැමති වෙන බව නම් නොඅනුමානයි.

IMDB Rating : 8.1
Genre : Action, Crime, Drama
Trailer : https://www.youtube.com/watch?v=FV2ojHR40TQ

High Quality Videos With English Subtitle
Complete Season 1 (Complete Series) In 1 DVD
Only Rs:125 (Island wide Free Delivery)

මේ වනවිට විකාශනය අවසන් කර ඇති මෙම කතා මාලාව සම්පූර්ණයෙන්ම  ඉංග්‍රීසි උපසිරසිද සමග දැන් ඔබගේ නිවසටම ගෙන්වාගත හැක. 

සිංහල උපසිරසි ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා baiscopelk.com වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.

★ මෙම කතා මාලාව ඔබගේ නිවසට එවීම සදහා තැපැල් ගාස්තු අය නොකෙරේ ★

ඔබටත් මෙම කතා මාලාව පහසු මිලට මිලදී ගැනීමට වුවමනා නම් පහත දැක්වෙන අපගේ ඕනෑම අංකයකට දැන්ම කතා කරන්න. එසේත් නැත්නම් අපගේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් කර වැඩි විස්තර ලබා ගැනීමට ඔබට පුලුවන්.

අපේ ටීවී සීරීස්, ෆිල්ම්ස්, ගේම්ස් ලිස්ට් එක බලන්න මෙතනින් යන්න : https://goo.gl/fGMMB5

Contact Us : 0772599499 / 0715259606 / 0773655141 / 0752172804
Our Facebook Community : https://www.facebook.com/tvshowslk