Da Vinci's Demons TV Series



ඔන්න ඉතිං අදත් ඔයාලට ලස්සන කතා මාලාවක් අරගෙන ආව. අපි ඉතිං ඔයාලට හැමදාම දෙන්නෙ සුපිරි කතා මාලාවන්නෙ. හැබැයි අද ගෙනාපු කතා මාලාව නම් ටිකක් අමුතු විදිහෙ කතා මාලාවක්. ඇත්තම කියනවනම් මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ 14 වන සියවසේ ජීවත් වුනු සුවිශේෂී කලා කරුවෙක් මුල් කරගෙනයි. සාමාන්‍යයෙන් කෙනෙකුගේ ජීවන චරිතයක් මුල් කරගෙන සිදු කරන නිර්මාණයන් බොහෝ දුරට හැම කෙනෙක්ම බලන්න ආස හිතෙන විදිහට නිර්මාණය වෙනව අඩුයි. නමුත් මේ කතා මාලාව ඊට හාත්පසින්ම වෙනස්. ටීවී සීරීස් බලන ඕනෙම කෙනෙක් මේ කතා මාලාවට අනිවාර්යෙන්ම කැමති වෙනවම තමයි. ඒ තරම් ලස්සනට මේ කතාව නිර්මාණය කරන්න නිෂ්පාදක කණ්ඩායම සමත් වෙලා තියෙනව. 

ඒ වගේම තමයි මේ කතා මාලාව නිර්මාණය කිරීමට දායක වුනු පුද්ගලයා ගැන දැනගත්තොත් නම් ඔයාලට අනිවාර්යෙන්ම තේරෙයි මේ කතා මාලාව කොච්චර හොදට ඇතිද කියන දේ. Batman - The Dark Knight Trilogy, Ghost Rider 2, The Unborn, Jumper, Blade - Trilogy, Man of Steel, සහ Godzilla කියන සිනමා පටවල රචකයා වන David S. Goyer අතින් තමයි මේ කතා මාලාවත් ලියවිලා තියෙන්නෙ. ඔයාල දන්නවනෙ මේ චිත්‍රපට කොතරම් ජනප්‍රිය වුනු ඒවද කියල. ඉතිං මේ කතා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. 

දැන් ඉතිං ඔයාල බලනව ඇති මේ තරම් අගය කරන කතා මාලාව කවුරු ගැන ලියවුනු කතා මාලාවක්ද කියල. ඔහු ගැන කියන්න හොදම විදිහ තමයි ඔහුගේ ලෝ පතල වුනු, විද්‍යාඥයන් පවා අන්දමන්ද කරන්නට සමත් වුනු නිර්මාණය ගැන කියන එක. "මොනාලිසා" කියූ පමණින් ඕනෑම පුද්ගලයෙකු හදුනා ගනීවි මේ මහා දාර්ශනිකයා කවුරුන්ද යන වග. ඔහු නමින් ලියනාඩෝ ඩා වින්සිය (Leonardo da Vinci). 

14 වන සියවසේ ජීවත් වුනු මොහු එක් විශය මාලාවකට පමණක් සිමා වුනු පුද්ගලයෙක් නොවෙයි. තෘණවිද්‍යාව, සිතියම්වේදය, ද්‍රවගති විද්‍යාව, තාරකා ශාස්ත්‍රය, රසවිද්‍යාව, ජ්‍යාමිතිය, මැවිසුරුවේදය, යාන්ත්‍රණවිද්‍යාව, යුධ ශිල්පය, පියාසර විද්‍යාව, සංගීතය යන විශය මාලාවන් ගණනාවක පරතෙරටම ගිය මේ මහා දාර්ශනිකයා දැනට ලොව පතල වුනු අද්විතීයම මහා ප්‍රාඥයා ලෙස සැලකුම් ලබන්නේ මේ නිසාය. ඔහු විසින් නිර්මාණය කරන ලද මොනාලිසා නම් ලෝ ප්‍රකට සිතුවම නිර්මාණය කරන ලද ආකාරය තවමත් විසදා ගත නොහැකි අභිරහසකි. මෑතකදී විද්‍යාඥයන් පිරිසක් විසින් කරන ලද පරීක්ෂණයකදී හෙලි වුනේ මේ සිතුවම නිර්මාණය කිරීම සදහා නැනෝ තාක්ශනය පවා භාවිත කර ඇති බවයි. එය සිදු විය හැක්කක්ද? 14 වන සියවසේ ජීවත් වුනු පුද්ගලයෙකු නැනෝ තාක්ශනය යොදා ගනිමින් සිතුවමක් නිර්මාණය කිරීම... කෙසේ නමුත් එය එසේ සිදු වී ඇත. 

කතා මාලාව ගැන විස්තර කරන්න ගත්තම නවත්තගන්න බැරිව ගියා. වෙනදට මුලින්ම කරන දේ අද අන්තිමට තමයි කරන්න මතක් වුනේ. මේ කතා මාලාවෙ IMDB අගය ගැන කියනවනම් 8.1 ක් වගේ ඉහල අගයක් ලබා ගන්නට මේ කතා මාලාව සමත් වෙලා තියෙනව. එක සීසන් එකක පැයක ධාවන කාලයකින් යුත් කොටස් 11 ක් පමණ තියෙනව. Adventure,Drama,Fantasy කියන වර්ගයන් වලට මේ කතා මාලාව වර්ග කල හැක. 

ඉතිං මේ සියළු දේ කිරීමට ඔහුට හැකි වුනේ කොහොමද? ඔහුගේ සැගවුනු දක්ශතාවය කුමක්ද? එය අත්භූත බලවේගයක්ද? එසේත් නැත්නම් ඔහුටම සුවිශේෂී වූ හැකියාවක් පමනක්ද? මේ සියල්ලට පිලිතුරු දැනගන්න මේ කතා මාලාව බලන්න කියල අපි ඔයාලටත් ඇරයුම් කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work