The Blacklist TV Series



අද අපි අපේ යාලුවන්ට අරගෙන ආවෙ ඔයාල ආසම විදිහෙ කතා මාලාවක් තමයි. අපේ යාලුවො හුග දෙනෙක් මේ කතා මාලාව ගැන හොදටම දන්නව. මොකද මේ කතා මාලාව මේ වෙනකොට හුගක් ප්‍රසිද්ධ කතා මාලාවක් වෙලා තියෙන්නෙ. කතා මාලාව ගැන කියනවනම් මේක ඇත්තටම රහස් පරීක්ශන වර්ගයේ කතා මාලාවක්. IMDB Rating වල 8.1 වගේ ඉහල අගයක් හිමිකරගෙන තියෙන මේ කතා මාලාව, Action,Crime, Mystery කියන වර්ගයන් වලට ඇතුලත් කරන්න පුලුවන්. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2013 වසරෙදි තමයි.

මේ කතාවෙ ප්‍රධාන චරිත දෙකක් තියෙනව. එක්කෙනෙක් ලෝකයේ නම ගිය අපරාධකාරයෙක්. ඔහු නමින් රේමන්ඩ් නොහොත් රෙඩ්. මෙයා දැන් ලෝකයේ නම ගිය අපරාධකාරයෙක් වුනාට කලින් FBI නියෝජිතයෙක්. අනෙක් කෙනා එලිසබෙත් කීන්. මැය මේ වනවිටත් FBI එකේ සේවය කරන නියෝජිතවරියක්. දවසක් රෙඩ් එකවරම FBI මූලස්ථානයට ඇවිත් භාර වෙනව. රජයේ කිසිම නියෝජිතයෙකුට අල්ලගන්න බැරි වුන මේ නමගිය අපරාධකාරය එකවරම ඇවිත් භාර වීම හැම කෙනෙක්ටම විශාල ප්‍රශ්නයක් වෙනව. මේ සම්බන්ධව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කියන්නෙ තමන් කතා කරන්නෙ නියෝජිත කීන් සමග පමණක් බවයි. ඉන්පසු කීන් සමග කතා කරන රෙඩ් රජයත් සමග එක්තරා ආකාරයේ ගිවිසුමක් ඇති කර ගන්නව. තමන්ට නිදහසේ ඉන්න දෙනවනම් තමන් රජයට එකතු වෙලා අපරාධකාරයන්ව අල්ලා ගැනිමට රජයට උදවු වෙන බවට තමයි ගිවිසුම ගහන්නෙ. නමුත් ඔහු තම සගයා හැටියට ඉල්ලා සිටින්නෙ නියෝජිත කීන්වයි. වෙනත් කිසිදු කෙනෙකුට තොරතුරු ලබා දෙන්න ඔහු කැමති වෙන්නෙ නෑ. 

ඉතිං ඔන්න මම කතාව ගැන පොඩි විස්තරයක් කලා. රජය රෙඩ් සමග ඇතිකරගත්ත ගිවිසුම සාර්ථක වෙයිද, රෙඩ් තමන්ගේ සගයා හැටියට නියෝජිත කීන්වම ඉල්ලන්නෙ මොකද, ඔවුන් අතර ඇති සම්බන්ධය කුමක්ද, මේ සියල්ලට පිලිතුරු ලබා ගන්න පුලුවන් ඔයාලත් මේ කතා මාලාව බැලුවොත්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work