All Drivers In One DVD (All In One Driver Pack)



ඔන්න අදත් මම ඔයාලට සුපිරි භාණ්ඩයක් අරගෙන ආව. ඔයාලට මම හැමදාම අරගෙන එන්නෙ ටීවී සීරීස් එකක්, ෆිල්ම් එකක් වගේ දෙයක්නෙ. ඒත් මේ පාර අපි ඔයාලට අරගෙන ආවෙ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්. ඇත්තම කියනවනම් ටීවී සීරීස් එකකට, ෆිල්ම් එකකට වඩා ගොඩක් වටින, වැදගත් දෙයක්. ඔයත් පරිගණකයක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාල ලග අනිවාර්යෙන්ම තියෙන්න ඕන සොෆ්ට්වෙයාර් DVD එකක් තමයි මම මේ පාර අරගෙන ආවෙ. 

ඔයත් තදින්ම පරිගණකය පාවිච්චි කරන කෙනෙක් නම් කාලයක් යනකොට ඔයාලගෙ පරිගණකයත් Slow වෙන බව ඔයාල හොදටම දන්න දෙයක්නෙ. ඉතිං එතකොට ගොඩ වෙදකම් කොරල කොරල එත් Speed එක වැඩි කරගන්න බැරි වුනොත් කරන්න තියෙන හොදම දේ කොම්පියුටර් කෑල්ල ෆෝමෑට් කරන එකනෙ. ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි කොම්පියුටරේ ෆෝමෑට් කරල, ඔක්කොම සොෆ්ට්වෙයාර් කෑලි ටිකත් ඉන්ස්ටෝල් කරල කම්මැලි කම යන්නත් එක්ක සිංදුවක් අහන්න හදනකොට මෙන්න බොලේ සිංදුව Play වෙන්නෙ නෑ. ඔන්න එතකොට තමයි මතක් වෙන්නෙ Drivers ටික දැම්මෙ නෑනෙ කියල. දැන් ඉතිං කොරහන්කො වැඩේ. ෆෝමෑට් කරන්න කලින් ඩ්‍රයිවර්ස් ටික අරගන්නත් බැරි වුනානෙ. දැන් ඉතිං ලෝකෙ පෙරල පෙරල හොයපංකො ඩ්‍රයිවර්ස්. 

බොහෝ දුරට ඔයත් මේ අකරතැබ්බයට මුහුණ දුන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් දැන් ඔයාලට ඕනෙම වෙලාවක ඔයාලගෙ පරිගණකය ෆෝමෑට් කරන්න පුලුවන් කිසිම බයක් නැතිව. ඩ්‍රයිවර්ස් බැකප් ගන්න දගලන්න ඕනෙත් නෑ, ෆෝමෑට් කරල ඉවර වෙලා ඩ්‍රයිවර්ස් හොය හොය හැමතැනම දුවන්න ඕනෙත් නෑ. කොම්පියුටර් රෙපෙයාර් කරන තැන් වලට ගිනි ගනන් දෙන්න ඕනෙත් නෑ. මොකද අපි අද ඔයාලට දෙන DVD එකේ ඕනෙම පරිගණක උපාංගයකට හරියන ඩ්‍රයිවර්ස් විශාල ප්‍රමාණයක් ඇතුලත් වෙනව. උපාංග දහස් ගනනකට හරියන ඩ්‍රයිවර්ස් මේ DVD එකේ අන්තර්ගත වෙනව. ඒ වගේම තමයි මේ DVD එක පාවිච්චි කරන්න ඔයාලට ලොකු දැනුමක් අවශ්‍යය වෙන්නෙ නෑ. පරිගණක පිලිබද සුළු දැනුමක් තියෙන කෙනෙකුට උනත් මේ DVD එක පාවිච්චි කරල ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. ඒ වගේම දැනට පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති ඩ්‍රයිවර්ස් වල බැකප් එකක් පහසුවෙන් ලබා ගන්නත් මේ DVD එක භාවිත කරන්න ඔයාලට පුලුවන්. පරිගණකයේ දැනට ඉන්ස්ටෝල් කරල තියෙන ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්නත් මේ DVD එක තුලින් ඔයාලට හැකියාව තියෙනව. ඔයාලට නිතරම අවශ්‍යය වෙන සොෆ්ට්වෙයාර් කිහිපයකුත් මේ DVD එකේ අන්තර්ගත වෙනව. 

ඔබ මෙම ඩ්‍රයිවර්ස් DVD එක භාවිත කල යුත්තේ ඇයි? 

★ ඕනෑම පරිගණකයකට ඉතාමත් පහසුවෙන් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කර ගත හැකි නිසා.



★ ඔබගේ කාලය සහ මුදල් ඉතිරි කර ගත හැකි නිසා. 


★ එකම DVD තැටියකින් සියළුම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කර ගත හැකි නිසා. 

★ අන්තර්ජාල පහසුකම නැති පරිගණකයකදී වුවද පහසුවෙන් භාවිත කල හැකි නිසා.

★ ඕනෑම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සමග භාවිත කල හැකි නිසා. (Windows 10/ 8 / 7 / Vista / XP | 32 bit & 64 bit) 

මෙම ඩ්‍රයිවර්ස් DVD එකෙහි අන්තර්ගත ඩ්‍රයිවර්ස් සහය දක්වන උපාංග කිහිපයක් පහත දැක්වේ 

Acer, ASUS, HP, Dell, MSI, Samsung, Toshiba, Sony, Lenovo, Fujitsu, Fujitsu Siemens, eMachines, Packard Bell, Clevo, BenQ, Notebook, IBM, Apple, Intel, LG, Compaq, Depo, NEC, Gericom, Matsushita, Medion, K-Systems, Gigabyte, SiS, Gateway යන සමාගම් වල නිෂ්පාදනය කර ඇති Motherboard, sound card (audio), Video Card, Network Card, Wi-Fi, chipset, controller, Bluetooth (bluetooth), Modem, Web-camera, card reader, CPU, input devices, monitor, printer, scanner, USB වැනි උපාංග බොහෝ ප්‍රමාණයකට මෙම DVD තැටියෙහි අන්තර්ගත ඩ්‍රයිවර්ස් සහය දක්වයි. ඒ වගේම මේ DVD තැටිය භාවිතා කර ඕනෑම ලැප්ටොප් පරිගණකයකටද ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කර ගත හැක. 

ඉතින් දැන් ඔයාලටත් තේරෙනව ඇතිනෙ මේ DVD එක ඔයාලට කොච්චර වැදගත්ද කියල. ඔයාලටත් මේ DVD එකේ වටිනාකම තේරෙනව නම් අපේ ඕනෙම දුරකථන අංකයකට කතා කරල අපව සම්බන්ධ කරගෙන මේ DVD එක ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. එහෙමත් නැත්නම් අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාල මේ ගැන වැඩි විස්තර දැනගන්නත් පුලුවන්.

 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work