Vikings TV Series
ඔයාල ගොඩදෙනෙක් දන්න කතා මාලාවක් තමයි අද අරගෙන ආවෙ. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2013 වසරේ. IMDB Rating වල 8.7 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Drama, History කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්.
අපේ යාලුවො හැමෝම වගේ කතාව ගැන දන්න නිසා කතාව ගැන වැඩිපුර විස්තර නොකර පොඩි හැදින්වීමක් විතරක් කරන්නම්කො. මේ කතා මාලාව ගෙතෙන්නෙ අතීතයේ ජීවත් වුන Vikings කියන ගෝත්‍රික කණ්ඩායමක් වටායි. මේ ගෝත්‍රික කණ්ඩායමේ නායකය වෙන්නෙ Earl Haraldson කියන පුද්ගලයායි. ඔහු තම කණ්ඩායම නැගෙනහිර පිහිටා ඇති වෙනත් රාජ්‍යයන් ආක්‍රමනය කිරීම සදහා මෙහෙයවන පුද්ගලයෙක්. නමුත් මොවුන්ගේ දැඩි විශ්වාසයක් වන්නේ සියළුම රාජ්‍යයන් පිහිටා ඇත්තේ නැගෙනහිර බවත්, බටහිරට වන්නට ඇත්තේ සම්පූර්ණයෙන්ම මහා සාගරය යන්නයි.
නමුත් ඔවුන්ගේ මතයට විරුද්ද වන එක් පුද්ගලයෙක් මේ කණ්ඩායමේ සිටිනව. ඔහු Ragnar Lothbrok නම් වයිකින්වරයෙකුයි. බටහිරට වන්නට නැගෙනහිරටත් වඩා පොහොසත් රාජ්‍යයන් පිහිටා ඇති බව සිතන මොහු තවත් කණ්ඩායමක් සමග එක් වී බටහිරට යාත්‍රා කරනව තමන්ගේ අනුමානය නිවැරදි බව පෙන්වීමට.
ඔන්න ඕකයි ඔයාලට කතාවට දෙන්න පුලුවන් ආරම්භය. මොහුට බටහිරට යාත්‍රා කරනවිට කුමන අභියෝගයන්ට මුහුන දෙන්න සිදු වෙයිද, බටහිර පෙදෙසට යන ඔහුට ඔහු බලාපොරොත්තු වන දේ මුන ගැසෙයිද, ඔහුට නැවතත් තම උපන් බිමට පය තියන්න වාසනාව ලැබෙයිද? මේ සියල්ලට පිලිතුරු දැනගන්න නම් අපිත් සමග එකතු වෙලා කතාව නරඹන්න කියල මම ඔයාලට ආරාධනා කරනව. සටන් වලින් අඩුවක් නැති මේ කතා මාලාවට ඔයාලත් කැමති වෙනව නොඅනුමානයි.