Nikita TV Series


ඔන්න ඉතින් අදත් ඔයාලව හම්බවෙන්න ආවෙ තවත් සුපිරි කතා මාලාවක් අරගෙන. 2010 දී විකාශනය ආරම්භ කල මේ කතා මාලාවේ මේ වෙනකොට හතරවෙනි සීසන් එක තමයි විකාශනය වෙමින් තියෙන්නෙ. IMDB Rating වල 7.5 ක අගයකට හිමිකම් කියන මේ කතා මාලාව Action, Crime, Drama කියන වර්ගයන් යටතේ දක්වන්න පුලුවන්. 

එහෙනම් ඉතිං දැන් ඔයාලට කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔයාල බලන ටීවී සීරිස් වල බොහෝ දුරට ප්‍රධාන චරිතයට පන පොවන්නෙ පිරිමි කෙනෙක්නෙ. ඔන්න ඒ කලාවෙන් වෙන් වුන සීරීස් එකක් තමයි මේක. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නෙ නිකීටා කියන කාන්තාවක්. කාන්තාවක් ප්‍රධාන චරිතයට පන පොවනව කිවුවම ඔයාල දැන් හිතනව ඇති මේ සීරීස් එක මෙලෝ රහක් නැතුව ඇති කියල. ඒ වුනාට සීරීස් එක බලන්න ගත්තම ඔයාලට හිතෙයි මේ කාන්තාවක්මද කියල. ඒ තරමටම ඇක්ශන් වලින් පිරිච්ච කතා මාලාවක් තමයි මේ කතා මාලාව. 

කතාව පටන් ගන්නෙ නිකීටා කරදරයකට පත් වෙලා ඉන්න අවස්ථාවක රහසිගත ඇමරිකානු නියෝජිත ආයතනයක් ඇයව කරදරෙන් බේරාගෙන ඇයට ඔවුන් හා සම්බන්ධ වන ලෙසට පවසනව. නමුත් ඔවුන්ගේ යටි අරමුණ ඇයට උදව් කිරීම නෙවෙයි. කොහොම උනත් නිකීට කැමති වෙනව ඔවුන් හා සම්බන්ධ වෙන්න. ඔවුන් හා සම්බන්ධ වූ පසු ඔවුන් නිකීටට ඉතාමත් දරුණු පුහුනුවක් ලබා දෙනව. මෙහිදී ඇයව ඔත්තු කාරියක් ලෙසත් මිනී මරන්නියක් ලෙසත් පුහුණු කරනව. මේ පුහුනුව අවසානයේදී ඇයව කරුණාවෙන් තොර කෲර තැනැත්තියක් ලෙස වෙනස් කිරීමයි ඔවුන්ගේ වන්නේ. නමුත් නිකීට පුහුණුව අවසන් වීමට කලින් ඔවුන්ගෙන් බේරී පලා යනව. ඉන්පසු ඇය වසර තුනක් පමණ සැගවී වාසය කරනව. නමුත් CIA නියෝජිතයින් ඇය සොයා මරා දමන උත්සාහය අතහරින්නේ නෑ... 

ඉතිං ඇයව පුහුණු කලේ කුමක් අරමුණු කරගෙනද, ඇය CIA නියෝජිතයින් සමග කෙසේ සටන් කරයිද, ඔවුන්ට ඇයව අල්ලාගත හැකිවේද? මේ සියල්ලට පිලිතුරු කතා මාලාව තුලින්ම සොයා ගන්නැයි අපි ඔබට ඇරයුම් කරනව.

IMDB Rating : 7.5
Genre : Action, Drama, Crime
Trailer : http://www.youtube.com/watch?v=ySr1u6jguHQ


High Quality Videos With English Subtitle
Complete Season 1,2,3 & Season 4 Up to Date In 3 DVD
Only Rs:375 (Islandwide Free Delivery)

මෙම කතා මාලාවේ දැනට විකාශනය වී ඇති 1,2,3 සීසන් වල සියලුම කොටස් සහ දැනට විකාශනය වෙමින් තිබෙන 4 වන සීසන් එකෙහි මේ වනවිට නිකුත් වී ඇති සියළුම කොටස් ඉංග්‍රීසි උපසිරසිද සමග දැන් ඔබගේ නිවසටම ගෙන්වාගත හැක. තැපැල් ගාස්තු අය නොකෙරේ.....

Contact Us : 0771764615 / 0776623869 / 0712257001
Our Facebook Community : https://www.facebook.com/tvshowslk