Queen Of The Ring TV Series
කැත කෙල්ලෙක් ගැන තමා කතාව යන්නේ. මේ කතාවේ ඉන්න මින් නන් හී ටිකක් කැත ගැණු ලමයෙක්. ඒත් එයා ලස්සන කොල්ලෙක්ට කැමතියි. කොහොම වුනත් මේ ගැනුලමයගේ පරම්පරාවම කැතැයි කියලා තමයි ගැනු ලමයගේ අම්මා කියන්නේ. ඒත් ඒ අය කසාද බැදලා තියෙන්නේ ඔක්කොම කඩවසම් පිරිමි. එකට එක හේතුවක් තියෙනවා. ඒ රහස් බලවත් මුද්දක්. ඒ මුද්ද තමන් කැමති පිරිමියා ගැහැනු කෙනාගේ ඇගිල්ලට දැම්මම ඒ ගැහැනූ කෙනා තම සිහින කුමාරිකාව ලෙස පෙනෙනව කියලා තමයි කියන්නේ. ඉතින් මේ නන් හීටත් එයාගේ අම්මා මේ මුද්ද දෙනවා එයා කැමති කොල්ලා අල්ලගන්න. ඉතින් මේ මුද්දෙන් එයාගෙ වැඩේ කරගන්න පුලුවන් වෙයිද කියල දැනගන්න ඔයාලටත් වෙනව මේ ලස්සන කතා මාලාව බලන්න.