One of Us TV Series



2016 වසරේ තමයි මේ කතා මාලාව විකාශනය වුනේ. කොටස් 4 කින් සමන්විත මෙම කෙටි ටීවී කතා මාලාව BBC නාලිකාව හරහා තමයි විකාශනය වුනේ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.0 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Mystery, Thriller කියන කාණ්ඩයන් යටතේ වෙන් කර දැක්විය හැකියි. 

කතාව දිහාවට හැරුනොත්, කතා මාලාව ගෙතෙන්නෙ ස්කොට්ලන් වල ඉතාමත් දුෂ්කර ගම්බද ප්‍රදේශයක් වටායි. කතා මාලාව පටන් ගනිද්දිම අපිට දැක ගන්න පුලුවන් වෙනව නිවසක් තුල යම් පුද්ගලයෙක් සහ ඔහුගේ ගැබිණි බිරිද මරල දාල තියෙන දර්ශනයක්. ඒ වගේම තවත් පුද්ගලයෙක් පිහියක් සමග මේ නිවසෙන් පැන යනවත් අපිට දැකගන්න පුලුවන්. ඉතින් ඇයි මේ යුවල මේ විදිහට ඝාතනය කරන්නෙ? ඇත්තටම පිහිය අතේ තියන් හිටිය කෙනාද මේ දේට වගකියන්න ඕනෙ? මේ පුංචි කතා මාලාව ඇතුලෙ මේ සියල්ලටම පිලිතුරු තියෙනව. අබිරහස් අපරාධ ගණයට වැටෙන මේ කතා මාලාවෙ හැම තැනකම තියෙන්නෙ කුතුහලයයි. ඉතින් ඔයාලත් මේ ලස්සන කතා මාලාවට කැමති වෙයි කියල අපි විශ්වාස කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work