Beyond TV Series
කතාවේ ප්‍රදාන චරිතය හෝල්ඩන්. පොඩි ප්‍රශ්නක් නිසා හෝල්ඩන් කැලයට දුවගෙන යද්දී හෝල්ඩන්ව උල්කාපාත වල විකිරණ වලට හසු වෙනවා. ඊට පස්සේ මේ හෝල්ඩන්ව ගෙදර අයට හම්බෙන්නේ අවුරුදු 12 කට පස්සේ. ඒ අවුරුදු 12 ටම හෝල්ඩන් කෝමා තත්වයක ඉදලා තියෙන්නේ. හෝල්ඩන් අවුරදු 12 කට පස්සේ අවදි උනාම හෝල්ඩන්ගේ හැසිරීම ගැන රෝහලේ අයට පුදුමයි මොකද රෝහලේ වෛද්‍ය අංශය කියන විදිහට අවුරුදු 12 ක් තරම් කාලයක් අක්‍රියව සිටි පුද්ගලයෙක්ට මෙහෙම එක පාරට ක්‍රියාකාරකම්වල යෙදෙන්න අමාරුයි. ඒ වගේම හෝල්ඩන්ට රෑට අමුතු හීන පේනවා ඒ හින වලින් කව්රු හරි දෙන්නෙක් එයාට කතා කරනවා වගේ හෝල්ඩන්ට දැනෙන්නේ. ඒ වගේම හෝල්ඩන් අවදි වෙනකොට හෝල්ඩන් ඉන්නේ කැලයක. ඒ වගේම හෝල්ඩන්ට විල්ලා කියලා කෙල්ලෙක් හම්බෙනවා. ඒ කෙල්ල හෝල්ඩන්ගේ අතේ ලියනවා “ඔයා ඉන්නේ අනතුරක, කාවවත් විශ්වාස කරන්න එපා කියලා”. ඒ වගේම හෝල්ඩන්ව කට්ටියක් හොයනවා. ඒ වගේම විල්ලා කියන ගෑනු ළමයට ඕන මෙයාව පරස්සම් කරන්න. මොකද්ද මේකේ තේරුම? හෝල්ඩන්ට බලයක් තියෙනවද? ඇයි මේ හෝල්ඩන්ට අමුතු විදිහේ හීන පෙන්නේ? කව්ද මේ විල්ලා කියන ගෑනු ළමයා? කව්ද මේ හෝල්ඩන්ව හොයාගෙන එන්නේ? ඇයි විල්ලට ඕන හෝල්ඩන්ව ආරක්ෂා කරන්න? ඒ ප්‍රශ්න විසද ගන්න නම් ඔයාලටත් කතාව බලන්නම වෙනවා.