Future Man TV Series


2017 වසරේ තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.1 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Comedy, Sci-Fi කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් විහිලු කතා මාලාවන්ට අකමැති අයට උනත් මේක කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන්. මොකද මේකෙ තියෙන Scientific පැත්ත නිසා කතාව ගොඩක් ආකර්ශනීයයි. එහෙනම් කතාව ගැන පුංචි විස්තරයක් කරන්නම්කො.
අපේ කතා මාලාවෙ කතා නායකය වෙන්නෙ ජොෂ්. ඔහු පිරිසිදු කරන්නෙක් විදිහටයි සේවය කරන්නෙ. ඒ වගේම ඔහු පරිගණක ක්‍රීඩා වලට තදින්ම බැදුනු කෙනෙක්. කොහොමහරි මේ පරිගණක ක්‍රීඩා නිසා ඔහුට ලොකු අකරතැබ්බයකට මුහුන දෙන්න වෙනව. මේ පරිගණක ක්‍රීඩා හරහා අනාගතෙන් පිරිසක් එනව වර්තමානයට. ඔවුන් සමග සටන් කරල ඔවුන්ව නවත්තන්න සිද්ද වෙන්නෙ ජොෂ්ට. මේ දේවල් කරන්න ඔහුට අනාගතෙන් ආපු තවත් දෙන්නෙක්ගෙ සහය ලැබෙනව. ඉතින් ජොෂ් මේ නරක කට්ටියව නවත්තන්නෙ කොහොමද කියල දැනගන්න අපි ඔයාලටත් ආරාධනා කරනව. ඔයාලත් මේ කතා මාලාවට කැමති වෙන බව නම් නොඅනුමානයි.