Stranger Things TV Series


නාගරික නොවුන පිටිසර පෙදෙසක තියන ස්ථානයක සිදුවෙන සිදුවීමකින් තමා කතාව පටන් ගන්නේ. පොඩි ළමයි ටිකක් සෙල්ලම් කර කර ඉඳලා ගෙදර යමින් ඉන්නවා. ඒත් ඒ හැම පොඩි ළමයෙක්ටම කරදරයකින් තොරව ගෙදරට යාගන්න බැරි වෙනවා. නොසිතූ අකරතැබ්බකට මේ එක් ලමයෙක්ට මුහුණදෙන්න වෙනවා. හැමෝම හිතන්නේ මේ “විල් බයර්ස්” කියන ළමයා සාමාන්‍ය විදියට අතුරුදහන් වෙලා කියලා. ඔය අතරේ මේ පුංචි නගරයෙන් හිටිහැටියේම අමුතු වෙනත් ළමයෙක් මතු වෙනවා. ඉතින් විල් බයර්ස්ට මොකද වෙලා තියෙන්නේ, කව්ද මේ අමුතු අනිත් ළමයා කියල දැනගන්න කතාව බලන්න. ඔයාලත් මේ කතා මාලාවට ගොඩක් කැමති වෙයි කියල අපි විශ්වාස කරනව.