Gu Family Book TV Series


කතා මාලාව දෙසට හැරෙනව නම් කතාව පටන් ගන්නෙ රාජද්‍රෝහියෙකු ලෙස නම් කර මරා දමන ලද පුද්ගලයෙකුගෙ දරුවන් දෙදෙනෙක් ගණිකා නිවාසයක් වෙත රැගෙන ඒමේ සිටයි. ඔවුන් නමින් සෝ හේවා සහ ජුන් යුන්ග් වෙනව. මේ පිරිස සෝ හේවා ගණිකා නිවාසයට ගෙන යාමට උත්සාහ කලත් ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වන පාලිකාව ඇයව අඩ නිරුවත් කොට ගසක ගැටගසනවා. මේ සම්පූර්ණ සිදුවීම කාටත් හොරෙන් බලා සිටින තවත් කෙනෙක් සිටිනව. ඉතින් ඒ කවුද? ඔහු ඇයට උදවු කරාවිද? සෝ හේවාගේ පියා ඇත්තෙන්ම රාජද්‍රෝහියෙක්ද? නැත්නම් ඒ කුමන්ත්‍රණයක්ද? මේ දේවල් වලට පිලිතුරු දැනගන්න නම් ඔයාලටත් මේ කතා මාලාව බලන්නම වෙනව.