Agent X TV Series


ඔන්න ඉතින් අදත් අපි ආව ඔයාලට සුපිරි කතා මාලාවකුත් අරගෙන. මේ කතා මාලාව අපි වෙනදට ගේන කතා මාලාවන් වගේ ලොකු එකක් නෙවෙයි. කොටස් 10 ක් පමණයි සම්පූර්ණ කතා මාලාවටම තියෙන්නෙ. නමුත් මේක සුපිරි කතා මාලාවක්. එහෙනම් ඉතින් කතාව ගැන පුංචි හැදින්වීමක් කරන්නම්කො.
අපේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ John Case. ඔහු ඇමරිකාවෙ උප ජනාධිපති යටතේ වැඩ කරන රහස් නියෝජිතයෙක්. ඇමරිකාවෙ සිදු වෙන සමහර අපරාධ පිලිබදව හැමවිටම ජනාධිපති සොයා බලන්නෙ නෑ. සමහර ප්‍රශ්න විසදන්න ඉදිරිපත් වෙන්නෙ උප ජනාධිපතිවරයයි. නමුත් රජයේ ආයතන වලට භාරදිය නොහැකි සමහර අපරාධ විසදන්න උප ජනාධිපති යටතේ රහස් නියෝජිතයෙක් ඉන්නව. ඉතින් John Case කියන්නෙ ඒ වගේ කෙනෙක්.
කතා මාලාවෙ පලමු කොටසෙදිම සිදු වෙන්නෙ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් FBI අධ්‍යක්ෂවරයාගේ දියනියව පැහැරගෙන යාමක්. FBI භාරයේ සිටින සිරකරුවෙක් නිදහස් කර ගැනීමේ අරමුනින් තමයි ත්‍රස්තවාදීන් මේ පැහැරගැනීම සිදු කරන්නෙ. නමුත් උප ජනාධිපතිගේ නියෝගයන් අනුව John සහ Malcolm කියන නියෝජිතයන් දෙදෙනාට සිදු වෙනව පැහැරගැනීමට ලක් වූ කෙනාව නිදහස් කර ගැනීමේ මෙහෙයුම්ක් ආරම්භ කරන්න. ඉතින් ඔවුන්ට පුලුවන් වෙයිද මේ කෙනාව නිදහස් කරගන්න, ඉදිරියේදී ඔවුන්ට මොන වගේ අභියෝග එල්ල වෙයිද? මේ දේවල් දැනගන්න නම් ඔයාලටත් වෙනව කතා මාලාව අරගෙනම බලන්න.