The Flash TV Series


අද අපි අපේ යාලුවන්ට අරගෙන ආවෙ ඔයාල කොයි කවුරුත් දන්න කියන කතා මාලාවක්. මේ දවස් වල ටීවී සීරීස් බලන යාලුවො අතර ජනප්‍රිය කතා මාලාවල් අතරින් මේ කතා මාලාවත් ඉහලම තැනක් ගන්නව. අනිත් එක තමයි අපේ ARROW කතා මාලාව බලන ගොඩක් යාලුවො මේ කතා මාලාවත් ඒ එක්කම බලන් යන බව අපි දන්නව. මොකද මේ කතා මාලාවන් දෙකම සමහර අවස්ථා වලදී එකට හමුවෙනව (Crossover). ඉතින් ඔයාලත් ARROW කතා මාලාව බලන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ කතා මාලාවත් බලන්න ඕනෙ. එහෙනම් ඉතින් කතා මාලාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො.
මේ කතා මාලාවෙ වීරය වෙන්නෙ බැරී ඇලන්. ඔහු අධිකරණ වෛද්‍යවරයෙක් විදිහට සෙන්ට්‍රල් සිටි පොලීසියේ සේවය කරනව. ඔයාල ඇරෝ කතා මාලාව බලන කෙනෙක් නම් ඔයාලට මතක ඇති බැරී ඇලන් ඇරෝට උදවු කරන්න එකපාරක් එනව ඇරෝ කතා මාලාවට. නමුත් ඒ ගමනෙන් පස්සෙ එක් රාත්‍රියක බැරීට අකුණුක් වදිනව. මේ නිසා ඔහු මාස ගානක් කෝමා තත්වයෙන් ඉන්නව. පස්සෙ ඔහු කෝමා තත්වයෙන් නැගිටින්නෙ සාමාන්‍ය බැරී ඇලන් විදිහට නෙවෙයි. ඔහුට හිතාගන්නවත් බැරි හැකියාවන් එක්ක තමයි ඔහු නැවත එන්නෙ. එයින් ප්‍රධානම දේ වෙන්නෙ ඔහුගේ වේගය. ඔහුට මේ ලෝකෙ කාටවත්ම හිතන්නත් බැරි තරම් වේගයකින් ගමන් කිරීමේ හැකියාවක් ලැබිල තියෙනව.
නමුත් බැරීට අකුණ වැදුන දවසෙ රාත්‍රියේ මේ වගේ බලයක් ලැබෙන්නෙ බැරීට විතරක්ම නෙවෙයි. ඒ දවසෙ සිද්ධ උන දේ සෙන්ට්‍රල් සිටි එකේ තව හුගක් දෙනෙක්ට බලපාල තියෙනව. එයින් සමහර පුද්ගලයින් හොද අය උනත් බොහෝ පිරිසක් උත්සාහ කරන්නෙ තම හැකියාවන් භාවිත කරල නරක වැඩ කරන්නයි. ඉතින් බැරී හිතනව ඒ නරකට එරෙහිව සටන් කරන්න. ඔහු තමන්ගෙ බලයන් පාවිච්චි කරල නපුරට එරෙහිව සටන් කරන හැටි බලන්න කැමති නම් ඔයාලටත් පුලුවන් මේ කතා මාලාව බලන්න.