Being Human TV Series



ඔන්න අදත් අපි ආව ඔයාලට තවත් ලස්සන කතා මාලාවකුත් අරගෙන. 2011 වර්ෂයේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ. IMDB Rating වල 7.5 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Fantasy, Horror, Drama කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. 

එහෙනම් ඉතින් කතා මාලාව ගැන පුංචි හැදින්වීමකුත් කරන්නම්කො. මේ කතා මාලාවෙ අපිට කතා නායකයන් තුන් දෙනෙක් ඉන්නව. Aidan Waite කියන්නෙ අපේ එක කතා නායකයෙක්. ඔහු අවුරුදු 120 ක් වයස වැම්පයර් කෙනෙක්. අපේ අනෙක් කතා නායකය වෙන්නෙ Josh Levison කියන ඉතා ඉහල දැනුමක් තියෙන වෘකයෙක්. ඔහු Aidan ගෙ මිතුරෙක්. අපේ කතාවෙ එන අනෙක් ප්‍රධාන චරිතය තමයි Sally Malik කියන්නෙ. ඇය කිසිවෙකුටත් නොපෙනෙන හොල්මනක්. සැලීව පෙනෙන්නෙ Aidan ට සහ Josh ට පමණයි. 

මොවුන් කිසි කෙනෙක් තමන්ට උරුම වෙලා තියෙන මේ දේවල් ගැන සතුටු වෙන අය නෙවෙයි. Aidan ට ජීවත් වෙන්න අකමැත්තෙන් වුනත් කෙනෙකුගෙ රුධිරය පානය කරන්න වෙනව. ඒ වගේම Josh විටින් විට වෘකයෙක් බවට පත් වෙනව. ඔහුටත් එය පාලනය කිරීමට නොහැකියි. ඉතින් ඔහුත් තමන්ට ලැබිල තියෙන දේ ගැන සතුටෙන් නෙවෙයි ඉන්නෙ. Sally ත් ඒ වගේම තමයි. ඉතිං මේ සියල්ලම අතරෙ ඔවුන්ට විරුද්ධව සටන් කරන කිහිප දෙනෙකුත් ඉන්නව. 

ඉතින් මේ හැමදෙයකටම මුහුන දෙමින් ඔවුන් කාලය ගත කරන හැටි බලන්න ඔයාලත් ආස වෙයි කියල මම හිතනව. එහෙනම් අපි ඔයාලටත් ආරාධනා කරනව මේ කතා මාලාව අරගෙන බලන්න කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work