Strike Back TV Series



ඔන්න අදත් ආව ඔයාලට සුපිරි කතා මාලාවකුත් අරගෙන. අපි ඉතිං කොහොමත් ඔයාලට අරගෙන එන්නෙ සුපිරි කතා මාලාවන්මනෙ. මේ කතා මාලාව 2010 වර්ෂයේදී තමයි විකාශනය ආරම්භ කලේ. IMDB Rating වල 8.3 ක් වගේ ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Drama, Thriller කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. 

කතා මාලාව ගැන කියනවනම් මේ කතා මාලාවෙ කතා නායකයන් දෙදෙනෙක් ඉන්නව අපිට. Sgt. Michael Stonebridge කියන්නෙ ඔවුන්ගෙන් එක්කෙනෙක්. ඔහු Secret Intelligence Service නොහොත් Section 20 කියන බුද්ධි අංශයේ සේවය කරන හමුදා නිලධාරියෙක්. අපේ අනෙක් ප්‍රධාන චරිතය වෙන්නෙ Sgt. Damien Scott කියන පුද්ගලයායි. ඔහු හිටපු කමාන්ඩෝ භටයෙක් වගේම දක්ශ නිලධාරියෙක්. ඉරාක යුද්ධයේදී යුධ අපරාධ වලට සම්භන්ධ වූ බවට චෝදනා ලැබූ ඔහු හමුදාවෙන් තාවකාලිකව ඉවත් කර දැමූ පුද්ගලයෙක්. 

දැන් ඉතිං මේ දෙන්න මොකද කරන්න හදන්නෙ. බ්‍රිතාන්‍ය රජය විසින් මේ දෙදෙනාට ලොකු රාජකාරියක් බාර දෙනව. Latif කියන්නෙ පාකිස්ථානයේ ඉන්න අල්කයිඩා සංවිධානයේ මහ මොලකාරයෙක්. ඔහු ඉතාමත් දරුනු ත්‍රස්තවාදී ක්‍රියාවන් බොහෝ ප්‍රමාණයක් පිටුපස සිටින පුද්ගලයෙක්. අපේ වීරයො දෙන්නට බාර දෙන රාජකාරිය තමයි මේ ත්‍රස්තවාදියාව අල්ලන එක. 

ඉතිං ඔවුන්ට Latif අල්ලා ගැනීමට හැකි වෙයිද, මේ මෙහෙයුමේදී ඔවුන්ට මොනවගේ අභියෝග වලට මුහුන දෙන්න සිදු වෙයිද? මේ ගැන දැනගන්න මේ කතා මාලාව ඔයාලට බලන්නම වෙනව. කොටසින් කොටස තව තවත් රසවත් විදිහට ගලාගෙන යන මේ කතා මාලාවට ඔයාල අනිවාර්යෙන්ම කැමති වෙයි කියල මට විශ්වාසයි. එහෙනම් ඉතිං තවත් කතා මාලාවකින් හමු වෙන්නම් යාලුවනේ.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work