Showing posts with label Sinhala Subtitles. Show all posts

Hannibal TV Series



සුපුරුදු විදිහට තවත් සුපිරි කතා මාලාවක් අරගෙන ඔන්න අදත් මම ඔයාලව හම්බවෙන්න ආව. මේකත් අපේ කොල්ලො අතර බොහොම ජනප්‍රිය වුනු කතා මාලාවක් තමයි. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2013 වසරේදීයි. IMDB Rating වල 8.5 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Crime, Drama, Horror කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. 

එහෙනම් ඉතිං අපි කතාවෙ පසුබිම ගැනත් දැනගමුකො. ඇත්තටම මේ කතා මාලාව ගලාගෙන යන්නෙ එක දිගට සිදු වෙන මිනිමැරුම් මාලාවක් පිලිබද පරීක්ෂණ පවත්වන කණ්ඩායමක් වටායි. මේ කණ්ඩායමේ ප්‍රධානියා වන්නේ ජැක් ක්‍රව්ෆෝඩ් කියන්නේ FBI නිලධාරියෙක්. මේ පරීක්ෂණයට ඔහුට උදවු කරන්නෙ විල් ග්‍රැහැම් කියන මනෝ විද්‍යා මහාචාර්‍ය වරයායි. එතකොට දොස්තර හැනිබල් ලෙක්ටර් කියන්නෙ ඉතාමත් දක්ෂ නමුත් අමුතු ගති පැවතුම් තියෙන මනෝ වෛද්‍ය වරයෙක්. ජැක්ට උදවු කරන අනෙක් පුද්ගලයා ඔහුයි. 

මේ සිදුවෙන මිනීමැරුම් මාලාව ඉතාමත් අස්වාභාවික විදියට සිදුවෙන මිනීමැරුම් මාලාවක්. නමුත් සෑම මිනීමැරුමක්ම එකම ආකාරයකින් තමයි සිදු වෙන්නෙ. මේ මිනී මැරුම් වලට ගොදුරු වන සෑම කෙනෙක්ම තරුණ ගැහැණු ලමුන් වීම තවත් විශේෂ සිදු වීමක්. ඒ වගේම මේ සෑම ගැහැණු ලමයෙකුගෙම ශරීර අවයව අතුරුදහන් වීමක් හෝ එසේත් නැතිනම් මාරු කිරීමක් වැනි දෙයක් මිනීමරුවා විසින් සිදු කරනවා. මොවුන් පරීක්ෂණ පවත්වන්නට පටන් ගැනීමෙන් පසුවත් දිගින් දිගටම මේ මිනී මැරුම් සිදු වෙනව. ඉතින් මොවුන් මේ මිනීමරුවාව නීතිය ඉදිරියට ගෙන එන්න විශාල උත්සාහයක් දරනව. 

ඉතින් ඔවුන්ට මේ මිනිමරුවා අල්ලා ගැනීමට හැකිවෙයිද කියල දැනගන්න නම් ඔයාලට මේ කතා මාලාව බලන්නම වෙනව. ඔවුන්ට ලැබෙන සියළුම සාක්ෂි දෙස තීක්ශණ ඇසින් බලමින් ඔවුන් අපරාධකරුවා පසුපස හඹා යන හැටි ඉතාමත් සිත් ඇදගන්නා ක්‍රියාවක්. ඔබත් රහස් පරීක්ෂක කතා මාලාවන් වලට කැමති කෙනෙක් නම් මේ කතා මාලාවට කැමති වෙනවා නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Emerald City TV Series



මෙම කතා මාලාව 2016 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුල NBC නාලිකාව හරහා විකාශනය වූ කතා මාලාවකි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.3 ක අගයක් ලබා ගෙන තියෙන මේ කතා මාලාව Adventure, Drama, Fantasy කියන කාණ්ඩයන් යටතේ වර්ග කිරීමට පුලුවන්. කතා මාලාව ගැන බයිස්කෝප් අඩවියේ පල වුනු ලිපියේ උපුටා ගැනීමක් ඔයාලට පහලින් බලන්න පුලුවන්.

එමරල් සිටි කතාමාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ ජනප්‍රිය විද්‍යාප්‍රබන්ධ කතා පොත් සමූහයක් පාදක කොට ගෙනයි. “The Oz books” මෙම පොත් පෙල ආරම්භ වෙන්නේ The Wonderful Wizard of Oz (1900) යන පළමු කෘතියෙන් සහ එහි අන්තර්ගතය සහ එයින් කියවෙන්නේ Land of Oz (මායා නිජබිමේ) ඉතිහාසය ගැන ප්‍රථම වතාවට ලොවට ඒ ගැන ප්‍රතිරූපයක් ගොඩනැංවීමයි. මේ ජනප්‍රිය පොත් සමූහයට අයිතිකම් ලබන්නේ L.Frank Baum. ඔහු ගොඩනගාගත්ත ඒ අපූරූ විද්‍යා ප්‍රබන්ධිත මායා ලෝකය කෙතරම් දුරට විහිදිලා තියනවද යන්න සැලකෙන්නේ ඔහු විසින් රචිත පොත් දාහතරක කතා ගොන්න පරිශීලනය කිරීමෙනි. මේ පොත් සියල්ලම ලියවුනේ ඇමරිකානු එක්සත් ජනපදයේ. ඔහු ජීවත් වෙලා සිටින කාලයේදී ඔහුට මායා නිජබිමේ රාජකීය ඉතිහාසකරු කියලා හැදින්වූයේ ඔහු එම කෘතීන්වල තිබෙන ඒ සංකල්පය සත්‍යක් බවට පුන පුනා ඉදිරිපත් කල නිසා. ඒ මිත්‍යා සංකල්පය නිර්මාණ කිරීමට කතා පොත් මාලා සමූහයටම දොරති සහ ඔස්මා කුමරිය යන අය මායා නගරයේ සිදුකල වික්‍රමයන් යොදාගෙන තියෙනවා. ඉතින් මේ කෘතීන් ජීවමාන කරමින් නිර්මාණය වුනු කතා මාලාව කොතරම් දුරට සාර්ථකද කියල දැනගන්න ඔයාලටත් වෙනව මේ කතා මාලාව නරඹන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Healer TV Series



ඔන්න එහෙනම් අදත් අපි ආව තවත් ලස්සන කොරියන් කතා මාලාවකුත් අරගෙන. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2014 වසරේදීයි. IMDB දර්ශකයේ 8.7 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Comedy, Drama කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. කතාව ගැන දැනගන්න ඔන්න අපි පහලින් දාල තියෙනව බයිස්කෝප් අඩවිය කතා මාලාව වෙනුවෙන් පල කල ලිපිය.

එකිනෙකට වෙනස් චරිත තුනක් තමන්ගේ හීන හැබෑ කර ගන්න උත්සහ කරනවා . හැබැයි ඒක ඒ තරම් ලේසි වෙන්නේ නෑ .හීන කොහොමත් හැබෑ කරගන්න ලේසි නෑනේ. එතකොට කතා මාලාවෙ Healer කියන්නේ කවුද කියල ඔයාලට මුලදිම තේරුම් ගන්න පුලුවනි. එයාගේ හීනේ ලේසිපහසු හීනයක් නෙවේ. ඒ හීනෙ වෙනුවෙන් තමයි එයා සේරම කරන්නේ. එතකොට යොන්ග් සින්ග් කියන්නේ අනාගතේ ජනප්‍රිය වාර්තාකාරිනියක් වෙන්න හීන මවන දඟකාර, කටකාර ගෑනු ළමයෙක්. හැබැයි මොළේ නම් ටිකක් අඩුයි. මූන් හෝ කියන්නේ බොහොම ජනප්‍රිය මාධ්‍යවේදියෙක්. අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් හඩ නගන හොද මහත්මයෙක් විදියට තමයි අපිට එයාව දැක ගන්න ලැබෙන්නෙ. ඒ වගේම එයා යම්කිසි ලමයෙක් ගැන විස්තර හොයනව. කොයි තරම් හොද දේවල් කරත් මූන් හෝ ලොකු සිත් තැවුලකින් ඉන්නේ. ඒ ඇයි? එතකොට මූන් හෝ හොයන ළමයා කවුද මේ හැමදේම කතාව බලද්දි ටික ටික එළියට එනවා. මේ කතාවේ තව වැදගත් ම චරිතයක් තමයි Healer එක්ක වැඩ කරන අජුම්මා. අජුම්ම ගැන ඔයාලට කතා මාලාව බලද්දි දැනගන්න පුලුවන්.

එහෙනම් ඉතින් මේ ලස්සන කොරියානු කතා මාලාව බලන්න කියල අපි ඔයාලටත් ආරාධනා කරනව. කොරියානු කතා මාලාවන්ට ආදරය කරන ඔබ මේ කතා මාලාවත් ආදරයෙන් වැලදගනියි කියල අපි හිතනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Merlin TV Series



සුපුරුදු විදිහටම ඔන්න අදත් ඔයාල කැමති වෙන විදිහෙ කතා මාලාවක් අරගෙන ආව. මේ කතා මාලාව විකාශනය ආරම්භ කල 2008 වසරේ ඉදන්ම මේක ලෝකයේම ජනප්‍රිය කතා මාලාවක් උනා. සීසන් පහකින් සමන්විත මේ කතා මාලාවෙ එක් සීසන් එකක විනාඩි 45 කොටස් 13 ක් පමන තියෙනව. IMDB Rating වල 7.9 ක් වගේ ඉහල අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාව Adventure, Drama, Family යටතට ගන්න පුලුවන්. 

කතාව ගැන පොඩි හැදින්වීමකුත් කරන්නම්කො. මේ කතා මාලාවෙ කතා නායකය වන්නේ Merlin (මර්ලින්) කියන තරුණයයි. එමෙන්ම ඔහු මායා පිලිබද හසල දැනුමක් ඇති තරුණයෙකි. මේ අතරතුර Merlin ට රාජකීය වෛද්‍යවරයා වන Gaius නැමැති පුද්ගලයාව මුනගැසෙනව. ඔහුත් මර්ලින්ට යම් යම් දේ කියා දෙනව. කොහොම නමුත් මර්ලින්ට පසුව දැනගැනීමට ලැබෙනව ඔහුගේ දෛවය වන්නේ අනාගත රජු වන ආතර් කුමරුව ආරක්ශා කිරීම බව. ඉතිං ඔහු ඒ වෙනුවෙන් සටන් කරනව. මේ සටන් වලදී බිහිසුනු අත්දැකීම් වලට මුහුණපෑමට ඔහුට සිදු වෙනව. 

ඔහුට මොන වගේ බාධක වලට මුහුණ පෑමට සිදු වෙයිද, ඔහුගේ දෛවය සාර්ථක කර ගැනීමට ඔහුට හැකිවෙයිද? ඒ පිලිබදව දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනව. මායා වලින් සහ සටන් වලින් පිරුනු මේ කතා මාලාවට ඔයාල අනිවාර්යෙන්ම කැමති වේවි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Gotham TV Series



ඔන්න යාලුවනේ අපි අදත් ඔයාලට සුපිරි කතා මාලාවක් අරගෙන ආව. ගෝතම් කියන නම දැක්ක ගමන්ම ඔයාලට මතක් වෙන චරිතයක් ඉන්නවනෙ. ඒ තමයි බැට්මෑන්. ඇත්තටම මේ කතා මාලාවත් බැට්මෑන් හා සුලු වශයෙන් සම්බන්ධ වෙන කතා මාලාවක්. නමුත් කතා මාලාවෙ අරමුණ වෙන දෙයක්. මේ කතා මාලාවෙන් අපිට බලන්න පුලුවන් වෙන්නෙ ගෝතම් නගරයේ සිදු වන අපරාධ විසදන පොලිස් පරීක්ෂක වරයෙක්ගෙ කතාවකුයි. ඔහුත් ඔයාල හොදින්ම දන්න කියන චරිතය තමයි. ඒ තමයි ජේම්ස් ගෝර්ඩන්. 

ගෝතම් කියන්නෙ අපරාධ වලින් පිරුනු නගරයක්. නමුත් මේ නගරය ගොඩ ගන්න උත්සාහ දරන අයගෙන් එක් අයෙක් තමයි ගෝර්ඩන්. මේ කතා මාලාවෙදි ඔයාලට බලාගන්න පුලුවන් බැට්මෑන් වගේම ඔහුගේ දුෂ්ඨයන් සමාජයට බිහි වුනේ කොහොමද කියන එක. ඒ වගේම අපිට තවත් දුෂ්ට චරිත රාශියක් මේ කතා මාලාවෙදි හමු වෙනව. මේ අයගෙන් නගරය ආරක්ෂා කරගන්න ගෝර්ඩන්දරන උත්සාහය ඔයාලටත් දැන් බලන්න පුලුවන්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Strike Back TV Series



ඔන්න අදත් ආව ඔයාලට සුපිරි කතා මාලාවකුත් අරගෙන. අපි ඉතිං කොහොමත් ඔයාලට අරගෙන එන්නෙ සුපිරි කතා මාලාවන්මනෙ. මේ කතා මාලාව 2010 වර්ෂයේදී තමයි විකාශනය ආරම්භ කලේ. IMDB Rating වල 8.3 ක් වගේ ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Drama, Thriller කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. 

කතා මාලාව ගැන කියනවනම් මේ කතා මාලාවෙ කතා නායකයන් දෙදෙනෙක් ඉන්නව අපිට. Sgt. Michael Stonebridge කියන්නෙ ඔවුන්ගෙන් එක්කෙනෙක්. ඔහු Secret Intelligence Service නොහොත් Section 20 කියන බුද්ධි අංශයේ සේවය කරන හමුදා නිලධාරියෙක්. අපේ අනෙක් ප්‍රධාන චරිතය වෙන්නෙ Sgt. Damien Scott කියන පුද්ගලයායි. ඔහු හිටපු කමාන්ඩෝ භටයෙක් වගේම දක්ශ නිලධාරියෙක්. ඉරාක යුද්ධයේදී යුධ අපරාධ වලට සම්භන්ධ වූ බවට චෝදනා ලැබූ ඔහු හමුදාවෙන් තාවකාලිකව ඉවත් කර දැමූ පුද්ගලයෙක්. 

දැන් ඉතිං මේ දෙන්න මොකද කරන්න හදන්නෙ. බ්‍රිතාන්‍ය රජය විසින් මේ දෙදෙනාට ලොකු රාජකාරියක් බාර දෙනව. Latif කියන්නෙ පාකිස්ථානයේ ඉන්න අල්කයිඩා සංවිධානයේ මහ මොලකාරයෙක්. ඔහු ඉතාමත් දරුනු ත්‍රස්තවාදී ක්‍රියාවන් බොහෝ ප්‍රමාණයක් පිටුපස සිටින පුද්ගලයෙක්. අපේ වීරයො දෙන්නට බාර දෙන රාජකාරිය තමයි මේ ත්‍රස්තවාදියාව අල්ලන එක. 

ඉතිං ඔවුන්ට Latif අල්ලා ගැනීමට හැකි වෙයිද, මේ මෙහෙයුමේදී ඔවුන්ට මොනවගේ අභියෝග වලට මුහුන දෙන්න සිදු වෙයිද? මේ ගැන දැනගන්න මේ කතා මාලාව ඔයාලට බලන්නම වෙනව. කොටසින් කොටස තව තවත් රසවත් විදිහට ගලාගෙන යන මේ කතා මාලාවට ඔයාල අනිවාර්යෙන්ම කැමති වෙයි කියල මට විශ්වාසයි. එහෙනම් ඉතිං තවත් කතා මාලාවකින් හමු වෙන්නම් යාලුවනේ.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This