Showing posts with label Sci-Fi. Show all posts

Heroes TV Series



Heroes කියන්නෙ 2006 ඉදන් 2010 දක්වා කාලය අතරතුර විකාශනය වුනු සුපිරි කතා මාලාවක්. අපේ හුගක් යාළුවො මේ කතා මාලාව ගැන අහලත් ඇති. මොකද මේක ජනප්‍රිය කතා මාලාවක් නිසා. කොහොම නමුත් මේ කතා මාලාව ගැන දන්න නොදන්න හැම යාළුවෙක්ටම දැනගන්නත් එක්ක අපි කතා මාලාව ගැන පුංචි විස්තරයක් කරන්නම්කො.

අපේ යාළුවො ගොඩක් කැමතියිනෙ එක එක Powers තියෙන මිනිස්සු ඉන්න කතා මාලාවන් බලන්න. ඉතින් මේකත් ඒ වගේ කතා මාලාවක් තමයි. මේ කතා මාලාවෙ හැටියට ලෝකෙ විවිධ තැන් වල ඉන්නව සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් මිනිස්සු පිරිසක්. ඔවුන්ව හදුන්වන්නෙ Evolved Humans (Evo) කියලයි. මේ අයට අසාමාන්‍ය හැකියාවන් තියෙනව. කාලය හරහා ගමන් කිරීම, නොපෙනී සිටීම, සුව කිරීම, පියෑබීම වැනි විවිධ හැකියාවන් මොවුන්ට තියෙනව. ඉතින් මේ හැකියාවන්ට ලෝභ වුනු පුද්ගලයෙක් ඉන්නව. ඔහුව හදුන්වන්නෙ Sylar කියල. ඔහුට වුවමනා වෙලා තියෙන්නෙ මේ විශේෂ හැකියාවන් තියෙන පුද්ගලයන්ගෙ හැකියාවන් ඔවුන්ගෙන් උදුරගෙන ලෝකෙ ඉන්න බලවත්ම පුද්ගලය ඔහු බවට පත්වෙන්නයි. ඉතින් මේ පුද්ගලයට එරෙහිව නැගී සිටින්න මේ විශේෂ හැකියාවන් ඇති කණ්ඩායමට එක්ව වැඩ කරන්න සිද්ද වෙනව. 

ඉතින් මේ කණ්ඩායම කොහොමද Sylar ට මුහුණ දෙන්නෙ, Sylar මොවුන්ගේ හැකියාවන් උදුරා ගන්න මොන වගේ දේවල් කරයිද, අවසානයේ කවුරුන් ජයග්‍රහනය කරයිද, මේ සියල්ල දැනගන්න ඔයාලත් මේ කතා මාලාව අරගෙන බලන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

The X Files TV Series



ඔන්න යාලුවනේ අදත් අපි ඔයාලට ලස්සන කතා මාලාවක් අරගෙන ආව. ලංකාවෙ රූපවාහිනී නාලිකාවක කිහිප වතාවක්ම විකාශනය වුන මේ කතා මාලාව ලොකු පොඩි කවුරුත් ආසාවෙන් බලපු කතා මාලාවක් තමයි. ඉතින් අපේ යාලුවන්ට බැරි වුනා නම් මේ කතා මාලාව සම්පූර්ණයෙන්ම නරඹන්න ඔන්න මේ තියෙන්නෙ ඒකට අවස්ථාව. කතා මාලාවෙ අලුතින් විකාශනය වුනු 10 වෙනි සීසන් එකත් එක්කම තමයි අපි ඔයාලට අරගෙන ආවෙ.

කතා මාලාව ගැන කියනව නම් මේකෙ ප්‍රධාන චරිත දෙකක් ඉන්නව. ෆොක්ස් මෝල්ඩර් සහ ඩෙනා ස්කලී තමයි අපේ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ. X Files කියල කියන්නෙ ඇමෙරිකාවෙ FBI එකේ තියෙන එක් අංශයක්. FBI එකට එන අසාමාන්‍ය සිද්ධීන් විමර්ශනය කෙරෙන්නෙ මේ අංශයෙන්. මේකෙ ප්‍රධාන පරීක්ෂකවරයෙක් තමයි ෆොක්ස් මෝල්ඩර් කියන්නෙ. ඔහුට සහයට ඉන්න වෛද්‍ය පරීක්ෂකවරිය තමයි ඩෙනා ස්කලී කියන්නෙ. මෝල්ඩර් තදින්ම විශ්වාස කරනව පිටසක්වල ජීවීන් කියල පිරිසක් ඉන්න බව. ඉතින් මේ විසදන්න බැරි අත්භූත සිද්ධීන් සමහරක් ඒවට පිටසක්වල ජීවීන්ගෙ සම්බන්ධයන් තියෙන බව ඔහු හිතනව. කොහොම නමුත් මෝල්ඩර් සහ ස්කලී ඔවුන්ට ලැබෙන පරීක්ෂන ඉතාමත් දක්ෂ ලෙස විසදනව. එහෙනම් ඉතින් ඔයාලත් කතා මාලාව අරගෙනම බලන්නකො කොහොමද කියල. කොටසින් කොටසට රසවත් වෙන කතා මාලාව බලන්න ඔයාලත් අනිවාර්යෙන්ම කැමති වේවි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Falling Skies TV Series



හැමදාම වගේ ඔන්න අදත් ආව සුපිරි කතා මාලාවකුත් අරගෙන ඔයාලව හම්බවෙන්න. හැමදාම ඉතින් ඔයාලට අපි අරගෙන එන්නෙ ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙන කතා මාලවන්මනෙ. මේකත් ඒ වගේම සීරීස් එකක් තමයි. මේ පාර අපි ඔයාලට අරගෙන ආවෙ පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් තියෙන සීරීස් එකක්. හැමදාම එකම විදිහෙ සීරීස් බලල එපා වෙලා ඉන්න අය නම් මේකට ගොඩක් කැමති වෙයි. IMDB Rating වල 7.2 වගේ අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Sci-Fi, Thriller කියන වර්ගයන් වලට අයත් වෙන කතා මාලාවක්. 2011 වසරේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාව 2015 වසර වෙනකල් විකාශනය වුනා. මේ කාලය අතරතුර කතා මාලාවෙ සීසන් 5 ක් විකාශනය වුනා. කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් සීරිස් එකක් කියල බොහොම විශ්වාසෙන් කියන්න පුලුවන්. හැම සීසන් එකක්ම ඉවරවෙද්දි ඊලග සීසන් එක බලන්න ආස හිතෙනව. 

එහෙනම් ඉතිං කතාව ගැන පොඩි හැදින්වීමකුත් කරන්නම්කො. මේ කතාවෙ පටන් ගැන්මෙ ඉදන්ම පෘතුවිය පිටසක්වල ජීවීන්ගෙ ආක්‍රමනය යටතේ තමයි තියෙන්නෙ. කතාව පටන් ගන්නකොට පිටසක්වලයින් පෘතුවිය ආක්‍රමනය කරල මාස 6 ක් වෙනව. පෘතුවියේ ජීවත් වෙලා ඉන්නෙ මිනිසුන් කුඩා පිරිසක් පමණයි. පිටසක්වලයින්ට අහු වෙන සෑම මිනිසෙක්වම ඔවුන් මරා දමනව. කුඩා ලමුන්ව වහල් කමට අරගන්නව. 

පෘතුවියේ ජීවත් වෙලා ඉන්න එක්තරා කණ්ඩායමක් පිටසක්වලයින්ට එරෙහිව නැගී සිටිනව. එම කණ්ඩායමේ නායකය ලෙස කටයුතු කරන්නෙ කැප්ටන් වීවර් නම් හිටපු හමුදා නායකයෙක්. ඔහුගේ සහයකය ලෙස කටයුතු කරන ටොම් මේසන් නම් පුද්ගලය තමයි අපේ කතා නායකය වෙන්නෙ. ටොම් මේසන්ට පුතුන් තිදෙනෙක් ඉන්නව. ඔවුන්ගෙන් එක් පුතෙක්ව කතාව පටන් ගන්නකොටත් පිටසක්වලයින් විසින් අල්ලගෙන තියෙන්නෙ. 

මෙම කණ්ඩායම පිටසක්වලයින් සමග සටන් කරමින් ඔවුන්ට අවශය කරන බෙහෙත් හා ආහාර සපයා ගනිමින් ඔවුන්ගේ කණ්ඩායමේ සිටින මිනිසුන්ව කොහොම හරි ජීවත් කරවන්න වෙහෙසෙනව. මේ සටන් අතරතුරේදි ඔවුන්ගේ කණ්ඩායමේ සමහරක් අයව ඔවුන්ට අහිමි වෙනව. ඒ වගේම අපිට හිතාගන්නත් බැරි ආකාරයේ දුෂ්කරතා වලට ඔවුන්ට මුහුණ දෙන්න සිදු වෙනව. ඒ මොන දේ උනත් ඔවුන් කරගෙන යන සටන අත්හරින්න ඔවුන් සූදානම් නැහැ. 

ඉතින් ඔවුන් කරගෙන යන සටනින් ඔවුන්ට ජයගන්න පුලුවන් වෙයිද, ටොම් මේසන්ට තමන්ගේ අහිමි උන පුතා බේරාගැනීමට හැකි වෙයිද, පිටසක්වලයින් සමග කරන සටන් වලදී කුමන අභියෝගයන්ට ඔවුන්ට මුහුනදෙන්න වෙයිද? මේ සියල්ලට පිලිතුරු කතාව බලලම දැනගන්න ඔයාලට පුලුවන්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Altered Carbon TV Series



2018 වසරේ තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.7 ක වාර්තාගත අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව  Drama, Sci-Fi, Thriller කියන කාණ්ඩයන් යටතේ වෙන් කර දැක්විය හැකියි. කතා මාලාව ගැන හොදින්ම දැනගන්න ඔන්න අපි TV Series Cast එකේ මේ වෙනුවෙන් පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහලින් දාල තියෙනව.

කාටහරි පුලුවන්ද කෙනෙක්ගේ සිතුම් පැතුම් ඇත්තටම මනස සම්පූර්ණයෙන්ම භාගත කරගන්න? ඇත්තටම එහෙම කරන්න බැරි බව අපි කවුරුත් දන්නව. හැබැයි Altered Carbon එකේ තියන අනාගත ලෝකෙදි නම් ඔයාට ඕන කෙනාගේ මනස, එයාගේ සුෂුම්නාවේ තියෙන විශේෂිත කොටස Server එක විදිහට Use කරලා ඕන කෙනෙකුගේ ඇඟ Terminal එකක් විදිහට Use කරලා Download කරගන්න පුළුවන්. ඒ කියන්නේ හිතමුකෝ ඔයා මැරුණා කියලා මට පුලුවන් ඔයාගේ මනස, සිතුවිලි එහෙමත් නැත්තම් ආත්මය වෙන කෙනෙකුගේ සිරුරට ඇතුල් කරන්න. හැබැයි ඔය දෙන්නම මැරිලා ඉන්න ඕන.
සමහරවිට මේක විකාර තාක්ෂණයක් කියලා දැනෙනවා ඇති.ඒත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මිනීමැරුම් සිද්ධියකදී, වැදගත් පුද්ගලයෙක් මියගියාම වගේ අවස්ථාවල. ඒක තමයි කතාවේ Concept එක. එහෙනම් අපි බලමු කතාවෙ ඉතිරි ටික කොයි වගේද කියල. කතාව ගෙතෙන්නේ Takeshi Kovacs කියලා බන්ධනාගාරයකින්, පොලිස් නිලධාරියෙකුගේ සිරුරකට ඇතුළත් කරපු සෙබලෙකු වටා. මෙයා Laurens Bancroft කියන ප්‍රභූවරයා යටතේ තමයි පාලනය වෙන්නේ. ඔන්න ඉතිං හදිසියේම මේ Laurens Bancroft ඝාතනය වෙනවා. මන් කලින් කිව්වනේ ආත්ම හුවමාරු තාක්ෂණය ගැන. ඒකෙන් පුලුවන් කලින් වෙච්ච දේවල් ඔක්කොම අලුත් සිරුරේ මතකයටත් ලබාදෙන්න. හැබැයි Laurens Bancroft ට මේ විදිහට එයාගෙ සම්පූර්ණ මතකයම ලබාගන්න බැරි වෙනව. එයාගේ ඝාතනයට පැය කිහිපයකට පෙර තමයි එයාගේ Memory එකේ අන්තිම Backup එක වෙන්නෙ. ඉතිං එයාගේ ඝාතනය ලොකු අභිරහසක් වෙනවා. ඉතිං මේ ඝාතනයට හේතුව දැනගන්න Bancroft ට ඕන වෙනවා. Altered Carbon තුළින් බලාගන්න පුලුවන් වෙන්නෙ Laurens Bancroft හා Takeshi Kovacs මේ සිදුවීමේ සුලමුල හොයන ආකාරය. ඉතාමත් කුතුහලය දනවන මේ කතා මාලාවට නම් ඔයාල කැමති වෙන බව නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Defiance TV Series



In the year 2046, it's a new Earth - with new rules. Over thirty years after various alien races arrived on Earth, the landscape is completely altered, terraformed nearly beyond recognition. To the town of Defiance, on what used to be St. Louis, comes the mysterious Nolan (Grant Bowler) and his charge, Irisa (Stephanie Leonidas). As they settle into town - overseen by the mayor, Amanda Rosewater (Julie Benz) and filled with residents like the powerful Rafe McCawley (Graham Greene), enterprising lounge owner Kenya (Mia Kirshner) and the ambitious, alien Tarrs (Tony Curran and Jaime Murray) - events begin to unfold that threaten the fragile peace this border town has fought for.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Second Chance TV Series



2016 වසරේදී තමයි මේ කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.6 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Sci-Fi කියන කාණ්ඩයන් යටතේ වෙන් කර දැක්විය හැකියි. කතා මාලාව ගැන අපේ යාලුවන්ට දැනගන්නත් එක්ක ඔන්න අපි පහලින් දාල තියෙනව subz.lk එකේ මේ වෙනුවෙන් පල වුනු ලිපියේ උපුටා ගැනීමක්.

කතාව දිහාවට හැරෙනව නම් කතාව දිව යන්නෙ Jimmy Pritchard කියන වයසක පොලිස් නිලධාරියෙක් වටායි. ඔහුගේ නිවසේ වෙන සොරකමකදී වෙඩි වැදිල ඔහු මිය යනව. නමුත් දෙදෙනෙක් එකතු වෙලා ඔහුට නැවතත් පණ දෙනව. ඒත් ඔහුට පණ ලැබෙද්දි ඔහු ගොඩක් තරුණ කෙනෙක් වෙනව. ඔහුට කලින් තිබුනට වඩා ලොකු ශක්තියකුත් මේකෙන් ලැබෙනව. ඉතින් කොහොමද මෙහෙම වුනේ? කවුද ඔහුට පණ දුන්නෙ? ඔහුට ලැබිල තියෙන බලයන් මොනවද? මේ දේවල් දැනගන්න නම් ඔයාලටත් වෙනව මේ කතා මාලාව බලන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This