Showing posts with label Comedy. Show all posts

Healer TV Series



ඔන්න එහෙනම් අදත් අපි ආව තවත් ලස්සන කොරියන් කතා මාලාවකුත් අරගෙන. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2014 වසරේදීයි. IMDB දර්ශකයේ 8.7 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Comedy, Drama කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. කතාව ගැන දැනගන්න ඔන්න අපි පහලින් දාල තියෙනව බයිස්කෝප් අඩවිය කතා මාලාව වෙනුවෙන් පල කල ලිපිය.

එකිනෙකට වෙනස් චරිත තුනක් තමන්ගේ හීන හැබෑ කර ගන්න උත්සහ කරනවා . හැබැයි ඒක ඒ තරම් ලේසි වෙන්නේ නෑ .හීන කොහොමත් හැබෑ කරගන්න ලේසි නෑනේ. එතකොට කතා මාලාවෙ Healer කියන්නේ කවුද කියල ඔයාලට මුලදිම තේරුම් ගන්න පුලුවනි. එයාගේ හීනේ ලේසිපහසු හීනයක් නෙවේ. ඒ හීනෙ වෙනුවෙන් තමයි එයා සේරම කරන්නේ. එතකොට යොන්ග් සින්ග් කියන්නේ අනාගතේ ජනප්‍රිය වාර්තාකාරිනියක් වෙන්න හීන මවන දඟකාර, කටකාර ගෑනු ළමයෙක්. හැබැයි මොළේ නම් ටිකක් අඩුයි. මූන් හෝ කියන්නේ බොහොම ජනප්‍රිය මාධ්‍යවේදියෙක්. අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් හඩ නගන හොද මහත්මයෙක් විදියට තමයි අපිට එයාව දැක ගන්න ලැබෙන්නෙ. ඒ වගේම එයා යම්කිසි ලමයෙක් ගැන විස්තර හොයනව. කොයි තරම් හොද දේවල් කරත් මූන් හෝ ලොකු සිත් තැවුලකින් ඉන්නේ. ඒ ඇයි? එතකොට මූන් හෝ හොයන ළමයා කවුද මේ හැමදේම කතාව බලද්දි ටික ටික එළියට එනවා. මේ කතාවේ තව වැදගත් ම චරිතයක් තමයි Healer එක්ක වැඩ කරන අජුම්මා. අජුම්ම ගැන ඔයාලට කතා මාලාව බලද්දි දැනගන්න පුලුවන්.

එහෙනම් ඉතින් මේ ලස්සන කොරියානු කතා මාලාව බලන්න කියල අපි ඔයාලටත් ආරාධනා කරනව. කොරියානු කතා මාලාවන්ට ආදරය කරන ඔබ මේ කතා මාලාවත් ආදරයෙන් වැලදගනියි කියල අපි හිතනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Angel from Hell TV Series



Intense and driven, Allison writes off the seemingly inebriated nut who pops into her life claiming to be her guardian angel right away, but when all of Amy's warnings come true, she's forced to reconsider her stance. Warned by Amy not to tell anyone about her, Allison is unable to talk about the situation with her father and business partner, Marv, or her younger brother, Brad. Unable to resist the strange woman's insistence that she will nudge her in the right direction in life, a reluctant Allison agrees to the friendship which, in the end, may turn out to be exactly what the doctor ordered.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Gu Family Book TV Series



හැමදාමත් වගේ ඔන්න අදත් අපි ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආව අපේ යාලුවන්ව හම්බවෙන්න. මේ කතා මාලාව නිර්මානය වෙලා තියෙන්නෙ කොරියානු ජන සමාජයේ නයින් ටේල් ෆොක්ස් කියන පුරාවෘත්තයආශ්‍රිත කරගෙනයි. IMDB දර්ශකයේ 8.1 ක ඉහල අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාව Action, Comedy, Fantasy කියන වර්ගයන් යටතට වෙන් කරන්න පුලුවන්.

කතා මාලාව දෙසට හැරෙනව නම් කතාව පටන් ගන්නෙ රාජද්‍රෝහියෙකු ලෙස නම් කර මරා දමන ලද පුද්ගලයෙකුගෙ දරුවන් දෙදෙනෙක් ගණිකා නිවාසයක් වෙත රැගෙන ඒමේ සිටයි. ඔවුන් නමින් සෝ හේවා සහ ජුන් යුන්ග් වෙනව. මේ පිරිස සෝ හේවා ගණිකා නිවාසයට ගෙන යාමට උත්සාහ කලත් ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වන පාලිකාව ඇයව අඩ නිරුවත් කොට ගසක ගැටගසනවා. මේ සම්පූර්ණ සිදුවීම කාටත් හොරෙන් බලා සිටින තවත් කෙනෙක් සිටිනව. ඉතින් ඒ කවුද? ඔහු ඇයට උදවු කරාවිද? සෝ හේවාගේ පියා ඇත්තෙන්ම රාජද්‍රෝහියෙක්ද? නැත්නම් ඒ කුමන්ත්‍රණයක්ද? මේ දේවල් වලට පිලිතුරු දැනගන්න නම් ඔයාලටත් මේ කතා මාලාව බලන්නම වෙනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Cinderella and Four Knights TV Series



ඔන්න අදත් අපි ආව අපේ යාලුවන්ට තවත් සුපිරි කතා මාලාවකුත් අරගෙන. මම කලින් කතා මාලාව අරගෙන එනකොට කිවුවනෙ ඔයාලට දෙන්න අපි සුපිරි කොරියන් කතා මාලා විශාල ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කලා කියල. ඔන්න ඉතින් අදත් දෙන්න යන්නෙ ඒ සෙට් එකෙන් තවත් එක කතා මාලාවක් තමයි. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතිව බලමු මොකද්ද මේ අද අරගෙන ආව කතා මාලාව කියල. 

මේකෙ නම දැක්ක ගමන්ම ඔයාලට ලොකු හුරු පුරුදු ගතියක් දැනෙන්න ඇති. අපි කොයි කවුරුත් අහල, බලල තියෙන කතාවක්නෙ සින්ඩරෙල්ල කියන්නෙ. ඇත්තම කියනව නම් මේ තියෙන්නෙ ඒකෙ වර්තමාන කොපියක්. එකම වෙනසකට තියෙන්නෙ ඒකෙ ඉන්නෙ එක කුමාරයෙක් විතරයි ඒත් මේකෙ කුමාරවරු 4 දෙනෙක් ඉන්නව.

එතකොට කවුද මේ සින්ඩරෙල්ල? සින්ඩරෙල්ලගෙ ඇත්ත නම තමයි "හා වොන්". පරණ කතාවෙ වගේම මේ කතාවෙත් හා වොන්ගෙ අම්ම නැති වෙලා. පස්සෙ තාත්ත තවත් විවාහයක් කරගෙන. ඉතින් හා වොන් ජීවත් වෙන්නෙ තමන්ගෙ කුඩම්ම සහ එයාගෙ ලමයි දෙන්නත් එක්ක. එයාල හා වොන්ට හොදටම කරදර කරනව. එයාලගෙ හැම වැඩක්ම කරගන්නෙ හා වොන්ට කියල. තමන්ගෙ කෑම බීම පවා තනියම තමයි හොයා ගන්න සිද්ද වෙලා තියෙන්නෙ. ඉතින් මේ හින්ද හා වොන් රස්සාවල් ගානක්ම කරනව සල්ලි හොයන්න. 

මේ අතරතුර හා වොන්ට අපේ කුමාරවරුන්ව හම්බෙනව. මේ කුමාරවරුත් අමුතුම කට්ටියක් තමයි. මෙයාල එකම පවුලෙ සහෝදරවරු. ඒ වගේම හැම කෙනෙක්ම නාහෙට අහන්නෙ නැති දඩබ්බර එවුන්. ඉතින් මෙයාලගෙ සීය හිතනව හා වොන් වගේ ගෑනු ලමයෙක්ට තමයි මෙයාලව පාලනය කරන්න පුලුවන් කියල. ඉතින් සීය හා වොන් ගෙන් ඉල්ලනව එයාට උදවු කරන්න කියල. ඉතින් හා වොන් මේකට කැමති වෙයිද? මේ කුමාරවරුන්ගෙන් කවුද හා වොන්ගෙ අත ගන්නෙ? මේව දැනගන්න නම් ඉතින් ඔයාලටත් මේ ලස්සන කතා මාලාව අරගෙන බලන්නම වෙනව.




 Like Us On Facebook TV Series & Movies List How to pay   How does it work
Get This

EXO Next Door TV Series



කොහොමද යාලුවනේ ඔයාලට? ටික දවසකින් හොද කොරියන් කතා මාලාවක් දෙන්න බැරි වුන නිසා ඔන්න අද අපි ඔයාලට අරගෙන ආව සුපිරි කොරියන් කතා මාලාවක්. මේක විතරක් නෙවෙයි. ඉදිරි දවස් කිහිපයේම අපි ඔයාලට ලස්සන කොරියන් කතා මාලා විශාල ප්‍රමාණයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනව. මේ වෙනකොට අපි ලස්සන කතා මාලා 15 ක් විතර ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ ඔයාලට අරගෙන එන්න.

එහෙනම් ඉතින් අද අරගෙන ආපු කතා මාලාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො ඔයාලට. මේ කතා මාලාව කොරියන් ආදර කතා මාලාවක්. ඔයාල ඉතින් දන්නවනෙ කොරියන් ආදර කතා මාලාවක් කිවුවම කොහොමද කියල. ඉතින් මේකත් හුගක් ලස්සන ආදර කතා මාලාවක්. IMDB දර්ශකයේ 7.5 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාව 2015 වර්ශයේ තමයි විකාශනය වුනේ. මේ කතා මාලාවෙ කොටස් 16 ක් තියෙනව. අපි එහෙනම් බලමු මේක මොන වගේ කතාවක්ද කියල.

මේ කතා මාලාවෙ කතා නායිකාව වෙන්නෙ ජි ඉයොන්හී කියල ගෑනු ලමයෙක්. එයා ගැන කියනව නම් එයා හුගක්ම ලැජ්ජාශීලී ගෑනු ලමයෙක්. මේ ලැජ්ජාශීලී කම හින්දම එයා ඉන්නෙ ගොඩක් පසුතැවීමෙන්. මොකද කියනව නම් එයා පෙම්තෙක්ට කැමති වුනත් එයාගෙ ලැජ්ජාශීලී බව නිසා එයාට එහෙම කෙනෙක් හම්බෙන්නෙ නෑ. මේ විදිහට ඉන්නකොට දවසක් එයාගෙ අසල්වැසි ගෙදරට පිරිමි ලමයි 4 දෙනෙක් එනව කුලියට. ඉතින් ජි ඉයොන්හී හිතනව මේ පිරිමි ලමයින්ගෙන් කෙනෙක්වත් එයාට කැමති වෙයිද කියල. 


කොහොම වුනත් මෙතන අපි නොදන්න කතාවකුත් තියෙනව. මේ පිරිමි ලමයි මේ ගෙදරට ඇවිල්ල තියෙන්නෙ මෙහේ කුලියට ඉන්නම විතරක් නෙමෙයි. ඉතින් එයාල මෙහේට ආවෙ මොකටද කියල මම කියන්න යන්නෙ නෑ. එයාල මෙහෙට ආපු හේතුව දැනගන්නයි, ජි ඉයොන්හී ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයිද කියල දැනගන්නයි ඔයාලට මේ කතා මාලාව බලන්නම වෙනව. 

ඉතින් මේ ලස්සන කතා මාලාව බලන්න ඔයාලත් කැමති නම් අපිට පුලුවන් මේ කතා මාලාව සිංහල උපසිරසිත් සමග ඔයාලගෙ ගෙදරටම එවන්න. පහල තියෙන ඕනෙම අංකයකට කතා කරල හරි අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් කරල හරි වැඩි විස්තර දැනගන්න ඔයාලට පුලුවන්.





 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work

Get This

Bring It On Ghost TV Series



ඔන්න අදත් අපි ආව අපේ යාලුවන්ට තවත් ලස්සන කොරියන් කතා මාලාවක් අරගෙන. මේක ටිකක් අමුතුම විදිහෙ කතා මාලාවක්. හැමදාමත් ඉතින් එකම විදිහෙ කතා මාලාවන් බලල වැඩකුත් නෑනෙ. 2016 වර්ශයේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාව Comedy, Fantasy, Romance කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. එහෙනම් ඉතින් කතා මාලාව ගැන පුංචි විස්තරයක් කරන්නම්කො අපේ යාලුවන්ට දැනගන්නත් එක්ක.

අපේ කතා මාලාවෙ කතා නායකය වෙන්නෙ පාර්ක් බොන්ග් පල් කියන විශ්වවිද්‍යාල සිසුවෙක්. මොහු සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. මොහුට තියෙනව භූතයන් දැකීමේ විශේෂ හැකියාවක්. ඉතින් මොහු මේ හැකියාව ප්‍රයෝජනයට අරගෙන භූතයන්ගෙන් කරදර වෙන පුද්ගලයන්ට සුලු මුදලකට උදවු කරනව ඒ භූතයන්ව එලවගන්න. ඔහොම ඉන්නකොට දවසක් රෑ බොන්ග් පල්ට දුරකථන ඇමතුමක් එනව භූතයෙක් එලවන්න එන්න කියල. ඒ වගේම මේකට ඔහු නොසිතන තරම් ලොකු මුදලක් දෙන්නත් පොරොන්දු වෙනව. මේ භූතය ඉන්නෙ කාන්තා පාසලක. ඉතින් ලොකු මුදලකුත් ලැබෙන නිසා බොන්ග් පල් යනව මේ වැඩේ කරන්න. 

ඉතින් මේ දුරකථන ඇමතුම දුන්න කෙනා කවුද? බොන්ග් පල්ට මේ භූතය එලවන්න පුලුවන් වෙයිද? ඔහුට පොරොන්දු වුන මුදල ලැබෙයිද? මේ සියල්ල දැනගන්න නම් ඔයාලටත් සිදු වෙනව මේ කතා මාලාව බලන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This