Showing posts with label Horror. Show all posts

Hannibal TV Series



සුපුරුදු විදිහට තවත් සුපිරි කතා මාලාවක් අරගෙන ඔන්න අදත් මම ඔයාලව හම්බවෙන්න ආව. මේකත් අපේ කොල්ලො අතර බොහොම ජනප්‍රිය වුනු කතා මාලාවක් තමයි. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2013 වසරේදීයි. IMDB Rating වල 8.5 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Crime, Drama, Horror කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. 

එහෙනම් ඉතිං අපි කතාවෙ පසුබිම ගැනත් දැනගමුකො. ඇත්තටම මේ කතා මාලාව ගලාගෙන යන්නෙ එක දිගට සිදු වෙන මිනිමැරුම් මාලාවක් පිලිබද පරීක්ෂණ පවත්වන කණ්ඩායමක් වටායි. මේ කණ්ඩායමේ ප්‍රධානියා වන්නේ ජැක් ක්‍රව්ෆෝඩ් කියන්නේ FBI නිලධාරියෙක්. මේ පරීක්ෂණයට ඔහුට උදවු කරන්නෙ විල් ග්‍රැහැම් කියන මනෝ විද්‍යා මහාචාර්‍ය වරයායි. එතකොට දොස්තර හැනිබල් ලෙක්ටර් කියන්නෙ ඉතාමත් දක්ෂ නමුත් අමුතු ගති පැවතුම් තියෙන මනෝ වෛද්‍ය වරයෙක්. ජැක්ට උදවු කරන අනෙක් පුද්ගලයා ඔහුයි. 

මේ සිදුවෙන මිනීමැරුම් මාලාව ඉතාමත් අස්වාභාවික විදියට සිදුවෙන මිනීමැරුම් මාලාවක්. නමුත් සෑම මිනීමැරුමක්ම එකම ආකාරයකින් තමයි සිදු වෙන්නෙ. මේ මිනී මැරුම් වලට ගොදුරු වන සෑම කෙනෙක්ම තරුණ ගැහැණු ලමුන් වීම තවත් විශේෂ සිදු වීමක්. ඒ වගේම මේ සෑම ගැහැණු ලමයෙකුගෙම ශරීර අවයව අතුරුදහන් වීමක් හෝ එසේත් නැතිනම් මාරු කිරීමක් වැනි දෙයක් මිනීමරුවා විසින් සිදු කරනවා. මොවුන් පරීක්ෂණ පවත්වන්නට පටන් ගැනීමෙන් පසුවත් දිගින් දිගටම මේ මිනී මැරුම් සිදු වෙනව. ඉතින් මොවුන් මේ මිනීමරුවාව නීතිය ඉදිරියට ගෙන එන්න විශාල උත්සාහයක් දරනව. 

ඉතින් ඔවුන්ට මේ මිනිමරුවා අල්ලා ගැනීමට හැකිවෙයිද කියල දැනගන්න නම් ඔයාලට මේ කතා මාලාව බලන්නම වෙනව. ඔවුන්ට ලැබෙන සියළුම සාක්ෂි දෙස තීක්ශණ ඇසින් බලමින් ඔවුන් අපරාධකරුවා පසුපස හඹා යන හැටි ඉතාමත් සිත් ඇදගන්නා ක්‍රියාවක්. ඔබත් රහස් පරීක්ෂක කතා මාලාවන් වලට කැමති කෙනෙක් නම් මේ කතා මාලාවට කැමති වෙනවා නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Damien TV Series



Classic horror film "The Omen" is re-imagined in a fresh, contemporary take on the life of Damien Thorn, the mysterious child from the 1976 motion picture. Although he's now a romantic, complex protagonist, Thorn grew up seemingly unaware of the evil forces around him. The past catches up with Damien, forcing him to face his true identity that of the Antichrist, the most feared man throughout the ages. 

Written and co-executive produced by Glen Mazzara ("The Walking Dead," "The Shield"), the hourlong series stars Bradley James ("Merlin," "Homeland"), Oscar nominee Barbara Hershey ("Once Upon a Time"), Omid Abtahi ("Better Call Saul") and Megalyn Echikunwoke ("House of Lies").



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Being Human TV Series



ඔන්න අදත් අපි ආව ඔයාලට තවත් ලස්සන කතා මාලාවකුත් අරගෙන. 2011 වර්ෂයේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ. IMDB Rating වල 7.5 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Fantasy, Horror, Drama කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. 

එහෙනම් ඉතින් කතා මාලාව ගැන පුංචි හැදින්වීමකුත් කරන්නම්කො. මේ කතා මාලාවෙ අපිට කතා නායකයන් තුන් දෙනෙක් ඉන්නව. Aidan Waite කියන්නෙ අපේ එක කතා නායකයෙක්. ඔහු අවුරුදු 120 ක් වයස වැම්පයර් කෙනෙක්. අපේ අනෙක් කතා නායකය වෙන්නෙ Josh Levison කියන ඉතා ඉහල දැනුමක් තියෙන වෘකයෙක්. ඔහු Aidan ගෙ මිතුරෙක්. අපේ කතාවෙ එන අනෙක් ප්‍රධාන චරිතය තමයි Sally Malik කියන්නෙ. ඇය කිසිවෙකුටත් නොපෙනෙන හොල්මනක්. සැලීව පෙනෙන්නෙ Aidan ට සහ Josh ට පමණයි. 

මොවුන් කිසි කෙනෙක් තමන්ට උරුම වෙලා තියෙන මේ දේවල් ගැන සතුටු වෙන අය නෙවෙයි. Aidan ට ජීවත් වෙන්න අකමැත්තෙන් වුනත් කෙනෙකුගෙ රුධිරය පානය කරන්න වෙනව. ඒ වගේම Josh විටින් විට වෘකයෙක් බවට පත් වෙනව. ඔහුටත් එය පාලනය කිරීමට නොහැකියි. ඉතින් ඔහුත් තමන්ට ලැබිල තියෙන දේ ගැන සතුටෙන් නෙවෙයි ඉන්නෙ. Sally ත් ඒ වගේම තමයි. ඉතිං මේ සියල්ලම අතරෙ ඔවුන්ට විරුද්ධව සටන් කරන කිහිප දෙනෙකුත් ඉන්නව. 

ඉතින් මේ හැමදෙයකටම මුහුන දෙමින් ඔවුන් කාලය ගත කරන හැටි බලන්න ඔයාලත් ආස වෙයි කියල මම හිතනව. එහෙනම් අපි ඔයාලටත් ආරාධනා කරනව මේ කතා මාලාව අරගෙන බලන්න කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Dracula TV Series



ඔන්න එහෙනම් අරගෙන ආව ලොකු පොඩි කොයි කවුරුත් ආස චරිතයක කතා මාලාවක්. ඩ්‍රැකියුලා ෆිල්ම්ස් එහෙම බලල ඇතිනෙ අපේ යාලුවො හැම කෙනෙක්ම වගේ. අද අපි අරගෙන ආවෙ ඩ්‍රැකියුලා චරිතය පාදක කර ගනිමින් නිර්මාණය වුනු කතා මාලාවකුයි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.4 ක අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව Drama, Horror, Romance කියන වර්ගයන් යටත්ට ගන්න පුලුවන්.

කතාව ගැන නම් අපේ යාලුවන්ට ලොකුවට කියන්න දෙයක් නෑ. මොකද ඉතින් ඩ්‍රැකියුලා කියන්නෙ කොයි වගේ කෙනෙක්ද කියල අපේ යාලුවො හැමදෙනාම දන්නවනෙ. එයා වෙජිටේරියන් කෙනෙක්නෙ.😂 හැබැයි අවුලකට තියෙන්නෙ ජීවත් වෙන්න ලේ චූට්ටක් බොන එක විතරයි. කොහොම උනත් කතාවෙ හැටියට ඩ්‍රැකියුලාව යම්කිසි කෙනෙක් විසින් නිදහස් කරනව. ඉතින් ඩ්‍රැකියුලා එනව ලන්ඩන් වලට. ඒ එන්නෙ අතීතයේ ඔහුට කල ද්‍රෝහිකම් වලට පලිගන්නයි. නමුත් ලන්ඩන් වලදී ඔහු ආදරය පැටලෙනව. 

ඉතින් මේ ආදරයත් එක්ක ඔහුගේ ජීවිතය කොතරම් දුරට වෙනස් වෙයිද? ඔහුගේ අරමුණ ඔහුට සාර්ථක කර ගැනීමට හැකි වෙයිද? මේ දේවල් දැනගන්න නම් ඔයාලටත් සිද්ද වෙනව මේ කතා මාලාව බලන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Bates Motel TV Series



ඔන්න ඉතින් අදත් අපි ආව අපේ යාලුවන්ට තවත් කතා මාලාවක් අරගෙන. මේක හැබැයි ටිකක් වෙනස් විදිහෙ කතා මාලාවක්. වෙනස් විදිහෙ කතා මාලාවක් උනාට මේකත් අපේ යාලුවො බලන්න කැමති විදිහෙ කතා මාලාවක් තමයි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.2 ක ඉහල අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව Drama, Horror, Mystery කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. එහෙනම් ඉතින් කතා මාලාව ගැන පුංචි හැදින්වීමක් කරන්නම්කො.

නෝමන් කියන්නෙ අවුරුදු 17 කොලු ගැටයෙක්. අනතුරකින් නෝමන්ගේ පියා මිය යනව. හදීසි අනතුරක් ද, මිනී මැරුමක්ද? ඒක කතා මාලාව බලාගෙන යනකොට ඔයාලට සැක හැර දැනගන්න හැකිවේවි. නෝමන්ගේ මව නෝමන් එක්ක යනව ටිකක් දුර පලාතකට ගෙයක් නවාතැන්පොළක් එක්කම මිලදීගෙන. මේ නගරෙත් ටිකක් අමුතුයි. බොහොම කුතුහලය දනවනව. කොහොම නමුත් නෝමන් ප්‍රදේශයේ පාසලට ඇතුලු වෙනව, ඉතාම වේගයෙන් තරුණ කෙල්ලො ටිකක් නෝමන් එක්ක යහළුවෙනව. ඉතින් දවසක් රෑ නෝමන්ට එයාල අඩගහනව පාඩම් කරන්න යන්න. නමුත් නෝමන්ගෙ මව ඊට විරුද්ධ වෙනව. කොහොම නමුත් නෝමන් අම්මට හොරෙන් ජනේලෙන් පැනල යනව කෙල්ලො එක්ක. මේ අතර වාරයෙ නෝමන්ගෙ ගෙදරට අමුත්තෙක් එනව. නෝමන් ගෙදර එනකොට හුගක් දේවල් සිද්ධ වෙලා ඔහුගෙ ගෙදර. 

ඉතින් මොනවද ඔහුගේ ගෙදර සිදු වෙලා තියෙන්නෙ? ගෙදරට ආපු අමුත්ත කවුද? නෝමන්ගෙ පියාගෙ මරණයට හේතුව කුමක්ද? මේ සියල්ලටම පිලිතුරු දැනගන්න ඔයාලටත් මේ කතා මාලාව බලන්න කියල අපි ආරාධනා කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Channel Zero TV Series



Children's TV is usually wholesome entertainment that can be enjoyed by the whole family, but child psychologist Mike Painter thinks there's one show in particular "Candle Cove" that might not have been so innocent. No one seems to remember the 1980s show except for Mike, and he has ever growing suspicions that it might have played a role in a series of nightmarish events from his childhood, including the disappearance of his twin brother in the summer of 1988. When he returns home to investigate what happened all those years ago, Mike finds out that it whatever it was may be happening again.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This