Showing posts with label Japanese Drama. Show all posts

No Game No Life TV Series



2014 වසරේ තමයි මෙම මංග සීරීස් එක විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.1 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Animation, Adventure, Comedy කියන කාණ්ඩයන් යටතට වර්ග කරන්න පුලුවන්. කතා මාලාව ගැන හොදින්ම දැනගන්න අපි බයිස්කෝප් අඩවියේ මේ වෙනුවෙන් පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහත දාල තියෙනව.

මේ සීරීස් එක Yuu Kamiya කියන කෙනාගේ Light novel එකක් පාදක කරගෙන කරපු Animation එකක්. කතාව ගෙතෙන්නෙ Sora කියන වැඩිමහල් සහෝදරයා සහ Shiro කියන පුංචි සහෝදරිය වටාය. මොවුන් ඇත්ත ලෝකය වැඩකට නැති දෙයක් කියන දැඩි මතයේ ඉන්නේ. ඒ නිසා මෙයාලා වටිනවා කියලා හිතන එකම දෙය වෙලා තියෙන්නේ Game සෙල්ලම් කිරීමයි. ඒ හින්ද මොවුන් දෙදෙනා Game සදහා ඉතාමත් ඇබ්බැහි වූවන්. ඉතින් මෙයාලා සෙල්ලම් කරන හැම game එහෙකින්ම අනිවාර්යයෙන්ම පළමු තැන ලබා ගන්නවා. මෙහෙම දින ගෙවෙන අතරේදී එක් දිනක් මොවුන්ට නොදන්නා ලිපිනයකින් E-mail එකක් එනවා online චේස් තරගයකට ආරාධනා කරලා. මේ තරම් දක්ෂ දෙදෙනා ඒ චෙස් තරගය එතරම් ලේසි වුනේ නෑ. මොකද එයාලා දන්නේ නැති වුනාට එහා පැත්තේ හිටියේ දෙවියෙක්. ඉතින් තරගය දිනුව නිසා මෙයාලට දිව්‍යමය වරමක් ලැබෙනවා මේ වැඩකට නැති ලෝකේ අත ඇරලා game ලෝකෙක නැවත ඉපදීමට. ඔය විදියට තමයි කතාව පටන් ගන්නේ. ඉතින් අපේ යාලුවොත් මේ කතා මාලාවට ගොඩක් කැමති වෙයි කියල හිතනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

1 Litre of Tears TV Series



ඔන්න යාලුවනේ අදත් අපි ආව තවත් ලස්සන කතා මාලාවකුත් අරගෙන ඔයාලව හම්බවෙන්න. මේක 2005 වසරේ නිපදවපු ජපන් ටෙලි කතාවක්. මේ ගැන කියනව නම් මේ කතාව සෑහෙන්ඩ දුක හිතෙන කතාවක්. මොකද මේකෙ කතා වෙන්නෙ සුව නොවන රෝගයක් හැදුණු ගැහැණු ළමයෙක් සහ ඈ වටා සිදු වෙන සිද්ධි දාමයක් ගැන නිසා. දෙමව්පියෝ කියන්නෙ කොයිවගේ අයද, යාළුවෝ, පෙම්වතුන් ඒවගේම ආබාධිතයි කියන එක සමාජය පිළිගන්නෙ කොහොමද කියන එක වගේම, මිනිස්සුන්ගෙ මනුස්සකම තදින් ප්‍රශ්න කරන කතාවක් තමයි මේක. කෙටියෙන්ම කිව්වොත් කෙලින්ම හදවතට වැදෙන කතාවක්. ඒවගේම රෝගියෙකුට දැනෙන හැටි කෙලින්ම කතා කරන ටෙලි නාට්‍යක්. මේ කතාව ඒතරම් තාත්වික වෙන්ඩ හේතුව කිටෝ ආයා spino –cerebellum degeneration කියන සුවනොවන රෝගයක් සෑදුන දැරියක් විසින් ලියන ලද දින සටහන් ඇසුරුකරගෙන මේ කතාව නිර්මාණය වෙච්ච එක.

එහෙනම් අපි කතාව දැනගන්නත් එක්ක කතාවෙ මුල් කොටස පටන් ගන්න හැටි ඔයාලට කියන්නම්කො. මේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි ක්‍රීඩාශීලී දැරියක් වන ඉකෙඋචි ආයා. එයා 6 දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමල් දරුවා. එයාගෙ තාත්තා ටෝෆු කඩයක් කරන්නෙ. අම්මා සෞඛ්‍ය නිලධාරිනියක්. අකෝ කියන්නෙ ආයාගෙ ලොකු නංගි, රිකා කියන්නෙ එයාගෙ බාල නංගි පවුලෙ බාලයත් එයා තමා. හිරෝකි කියන්නෙ පවුලෙ 3 වෙනි ළමයා, එයා තමා ආයගේ එකම සහෝදරයා. ආයා කම්ම්මැලි නැති ළමයෙක්. ගෙදර වැඩට වගේම පවුලේ ටෝෆු ව්‍යාපාරයටත් එයා ගොඩක් උදව් කරනවා. උසස් පාසල් පරීක්ශණය දවසෙවත් එයා ඒ වැඩ අතපසු කරන්නෙ නෑ.

ඉතිං ආයා පරීක්ශණයට පෙනී ඉන්ඩ උසස් පාසලට යන අතරෙ බස් රථයෙදි හොඳටම නින්ද ගිහින් හරි තැනින් බැහැ ගන්ඩ බැරි වෙනවා. එයා ඉස්කෝලෙ තියෙන පැත්තට දුවගෙන යනවා. ඒ අතර දෙපාරක්ම ආයව වැටෙනවා. එයා හිතන්නෙ ඒ හැම එකක්ම වෙන්නෙ මහන්සිය නිසා කියලා. ඒත් ඇත්තම කියනව නම් ඒක නපුරු රෝගයක මූලික හදුනාගැනීමේ රෝග ලක්ශණයක්. ඉතිං මේ දෙවෙනි පාර ආයා වැටෙන්නෙ නවත්තලා තිබුණු බයිසිකල් වගේකුත් පෙරලගෙන. මේ වෙලාවෙ එතන ඉන්න කෙනෙක් ඇවිත් ආයට නැගිටින්න උදවු කරනව. ඉතිං කවුද එයාට උදව් කරන්නෙ? ආයගෙ ජීවිතේ මින් ඉදිරියට මොන වගේ වෙයිද? ඒ ගැන දැනගන්න ඔයාලටත් මේ කතා මාලාව බලන්න කියල අපි ආරාධනා කරනව. ඒ වගේම කතා මාලාව බලනව නම් අඩන්න සූදානම් වෙලාම බලන්න කියල අපි ඔයාලට කියනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This