Showing posts with label History. Show all posts

Spartacus TV Series



අදත් ඔයාලට සුපිරි කතා මාලාවක් අරගෙන තමයි ආවෙ. 2010 වර්ෂයේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාව Action, Adventure, Biography කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. ඒ වගේම මේ කතා මාලාව IMDB Rating වල 8.6 ක ඉහල අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනව. 

කතා මාලාව ගැන නොදන්න අයට පොඩි විස්තරයක් කරන්නම්කො එහෙනම්. මේ කතා මාලාව දිව යන්නෙ අතීතයේ රෝමය මුල් කරගෙනයි. මේ කාලය වනවිට රෝමය ඉතාමත් දරුණු ලෙස අභ්‍යන්තර සටන් ඇති වෙමින් තිබුනු කාලයක්. මේ සටන් කරන පාර්ශවයන් අතර Thracian සහ Getae කියන පාර්ශවයන් දෙකද සිටියා. මේ දෙපිරිසත් ඔවුනොවුන්ට විරුද්දව සටන් කරන පාර්ශවයන් දෙකක්. 

කොහොම නමුත් මේ සටනේදී Thracian වරුන්ට රෝම රජයේ උපකාරය ලැබෙනව Getae වරුන්ව පරාජය කිරීම සදහා. මේ අතරතුර Thracian කණ්ඩායමේ නායකය තීරණය කරනව Gladiator (සටන් සදහා පුහුනු කරන ලද ඉතාමත් දක්ශ කණ්ඩායමක්) කණ්ඩායමක් නිර්මාණය කරන්න Getae වරුන්ට විරුද්දව නැගී සිටීම සදහා. 

ඉතිං මේ කතා මාලාව පුරාවට ඔයාලට ඉතාමත් දරුණු සටන් දැක බලාගන්න පුලුවන්. හැබැයි මේ කතා මාලාව පවුලේ සැමට නරඹන්න පුලුවන් විදිහෙ කතා මාලාවක් නම් නෙමෙයි. ඉතිං ඔයාලත් මේ කතා මාලාව බලන්න ආස නම් ඔයාලට පුලුවන් මේ කතා මාලාව අපෙන් අරගන්න. කතා මාලාව කොයිතරම් රසවත්ද කියල ඔයාලට බලාගන්න පුලුවන් අපි දාල තියෙන ට්‍රේලර් වීඩියෝව බැලුවනම්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Medici Masters of Florence TV Series



A political, family drama set in Florence in the early 15th century. Cosimo de' Medici finds himself at the helm of his supremely wealthy, banking dynasty family, when his father, Giovanni dies suddenly. However Cosimo is concealing a dangerous secret - Giovanni was murdered. Now Cosimo and his brother must unearth his killer in order to protect the wealth and power of the family.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

The Great Queen Seondeok TV Series



The Great Queen Seondeok dominated the ratings and continues to win fans in a story of action, humor, intrigue and romance set in the ancient Korean kingdom of Silla. Deokman is torn from her family at birth and reared in exile in the remote deserts of China. There she learns the wisdom and love she'll need on her long road back to Korea and the twin sister she lost. In a sweeping saga of humor and pathos, Deokman earns the loyalty of refugees, con men and the greatest Hwarang warriors of the age. Together they battle the enemies of her homeland-but can they defeat the enemies within? Ancient mysticism, political intrigue and thrilling action sequences combine in a human drama perfect for the whole family. Go Hyun-jung, Lee Yo-won and Eom Tae-ung lead an all-star cast in another powerful series from the director of Jumong and the writer of Dae Jang Geum.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Gunpowder TV Series



2017 වසරේ විකාශනය වුනු මේ කතා මාලාව කොටස් තුනකින් යුක්ත මිනි සීරීස් එකක් විදිහටයි විකාශනය වුනේ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.0 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, History කියන කාණ්ඩයන් යටතේ වර්ග කිරීමට පුලුවන්. කතා මාලාව පිලිබදව TV Series Cast පිටුවේ පල වුනු ලිපියේ උපුටා ගැනීමක් අපේ යාලුවන්ට පහලින් බලාගන්න පුලුවන්.

කතාව ගැන කියනව නම් මේකෙ 17 වන සියවසේ කතාවක් තමයි තියෙන්නෙ. මේ කාලේ තිබ්බ එංගලන්ත ජන සමාජයේ ස්වරූපය හා කතෝලික බැතිමතුන්ට තම ආගමික නිදහස අහිමි වුණ ආකාරය තමයි මේකෙන් නිරූපණය වෙන්නේ. ඔය අතරතුරේ Robert ගෙ නෑදැයන්ට විඳින්න වෙන හිරිහැර නිසා එයා කතෝලිකයන් වෙනුවෙන් සටන් වඳින්නන් එක්ක එකමුතු වෙනවා. Robert කියන්නෙ 17 වෙනි සියවසේ කතෝලික විරෝධි පාලනයක් ගෙන ගිය පළමුවන ජේම්ස් රජු හා ඔහුගේ සේනාව මරන්න Gunpowder Plot කියන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වුණු  අසාහය යුධ විරුවෙක්. Gunpowder Plot කියන සැලැස්ම නම් ගොඩක් ජනප්‍රියයි. දන්න අය ගොඩක් ඇති. කතාවෙ සුපිරියටම ඒක ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. කතාවෙ ප්‍රධාන චරිතයට පන පොවන්නෙ කවුද කියන එක Game of Thrones බලන අපේ යාලුවන්ට නම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. එහෙනම් ඉතින් කතාව බලලම අපේ යාලුවො තීරණය කරන්නකො කතාවෙ හොද නරක කොහොමද කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Ruler Master of the Mask TV Series



මෙම කොරියානු කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ 2017 වසරේදීයි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.5 ක අගයක් ලබා ගෙන තියෙන මේ කතා මාලාව Drama, History, Romance කියන කාණ්ඩයන් යටතට වර්ග කරන්න පුලුවන්. අපේ යාලුවන්ට කතාව ගැන හොදින්ම දැනගන්න පුලුවන් වෙන්න බයිස්කෝප් අඩවියේ මේ වෙනුවෙන් පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහලින් දාල තියෙනව.

මේක ඉතිහාස කතාවක්. මේ කතාව ආරම්භ වෙන්නේ ජෝසන් රජ සමයෙන්, ඒ කාලේ ප්යෙන්සෝ නමැති රහස් සංවිධානයක්, ගොඩනැගෙනවා. මොවුන් එවකට රජවී සිටි රජු ඝාතනය කොට, වෙනත් අයෙකු දේශයේ රජු බවට පත් කරනවා, ලී සුන් නාමයෙන්. එසේ කරන්නේ එක් කොන්දේසියක් මත,එය තමයි යම් දිනෙක රජුට ලැබෙන පළමු දරුවා, එනම් ඔටුන්න හිමි කුමරුන් මේ සංවිධානයට බැඳවීමේ පොරොන්දුව මත. රජු සියලුම දේ කල යුත්තේ මේ සංවිධානය ලබා දෙන අණට අනුවයි.

කෙමෙන් කාලය ගෙවී යද්දී, මේ රූකඩයක් බඳු රජුට මේ ගැන කලකිරීමක් ඇති වෙන්වා,එහෙත් ඔහුට ප්යෙන්සෝවට එරෙහිව නැගී සිටින්න තරම් ශක්තියක් නැති වෙනවා. කල් යත්ම රජ බිසවුන්ට පුතෙකු ලැබෙනවා. ඉතා බලගතු හඳහනකට මේ කුමරු උරුමකම් කියනවා. රජු ඔහුට ලි සුන් යන නාමය තිලින කරනවා, ඒ යම් දිනක ඔහු ප්යෙන්සෝව පරාජය කරනු ඇතැයි බලාපොරොත්තුවෙන්. ඒවගේම මේ සංවිධානයට වුවමනා වෙනවා දේශයේ වතුර වල සියලුම පාලනය තමන් අතට ගැනීමට, එනම් නොමිලයේ සැමටම හිමි වෙන වතුර මුදලට විකිණීමේ අයිතිය. රජු මෙයට විරුද්ධ වෙන නිසා ඔවුන් ඔටුන්න හිමි කුමරුන්ගේ ජීවිතය නැති කිරීමට උත්සහ කරනවා. මේ සිද්ධිය නිසා රජු එතැන් සිට ඔටුන්න හිමි කුමරුන් නිසි වයසට පත්වෙන තෙක් වෙස්මුහුණක් පැළඳ සිටීමට අණ කරනවා. ඒ ඔහු ගේ අනන්‍යතාවය සඟවා තැබීමට.කුමරුගේ මුහුණ දකිනා ඕනෑම අයෙකු මරා දැමීමට අණ කරනවා.

කාලයේ අවෑමෙන් කුමරු වැඩිමහල් වියට පත් වෙනවා. එහෙත් මේ වෙස්මුහුණක් පැළඳ ගෙවන ජීවිතය කුමරුට ඉතා නීරස වෙනවා. ඔහු හොර රහසේම මෙයට හේතු සොයන්නට පටන් ගන්නවා. දිනක් ඔහු වෙස්වලාගෙන රහසේම පළා යනවා. ඒ සත්‍ය දැනගැනීමේ අභිලාෂයෙන්. නගරයට යන කුමරුට දැනගන්න ලැබෙනවා සෑම අයෙකුටම නිදහස් අයිතියක් ඇති වතුරටත් මිලක් නියම වී ඇති වග. ඔහු බොහෝ කලකිරීමට පත් වෙනවා. නමුත් මේ යන ගමන ආපසු ලේසියෙන් මාලිගයට ඒමට නොහැකි ගමනක් බව කුමරු දැන සිටියේ නැහැ. ඒ අතරතුර ඔහුට මාලිගයේ කිසි දිනෙක නොසිටි මිතුරන් මුණ ගැහෙනවා, ඒ අයගෙන් එක් කෙනෙක් තමයි, ගා යුන් කියන්නේ, ඇය කුමරුට ගොඩක් සමීප වෙනවා. ඒවගේම මේ ජල අරගලය විසඳීමට, ප්යෙන්සෝව පරාජය කිරීමට ඇය උදව් කරනවා. මේ අරගලය තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඉතින් මේ ලස්සන කතා මාලාවට ඔයාලත් කැමති වෙන බව නම් නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

The Last Kingdom TV Series



මෙම කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ 2015 වසරේදීයි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.3 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, History, Romance කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. කතා මාලාව ගැන දැනගන්න ඔන්න අපි පහලින් දාල තියෙනව බයිස්කෝප් අඩවියේ මේ වෙනුවෙන් පල වුනු ලිපියේ උපුටා ගැනීමක්.

ඉතිහාස කතා ගනයට අයත් වන මෙම කතාමාලාව නිෂ්පාදනය වී තිබෙන්නේ Bernard Cornwell විසින් 2004 වර්ෂයේ රචිත ග්‍රන්ථයක් ඇසුරින්. කවුරුත් දන්නවා වගේ එංගලන්තය බිහිවීමට පළමුව නොතම්බ්‍රියා, මර්සියා, වෙසෙක්ස් යනාදී වශයෙන් කොටස් කිහිපයකට වෙන් වෙලානේ තිබුනේ. ඉතින් මේ රාජ්‍ය වලට වයිකින්වරු එහෙම පහරදෙනවා. මෙම කතාව ගොඩනැගී ඇත්තේ ඒ වටා.

මුලින්ම සිද්දවන්නේ නොත්ම්බ්‍රියාවට වයිකින්වරු සහ ඩේන්වරුන්ගේ මිත්‍රපාක්ෂික හමුදාව ප්‍රහාර එල්ලකර යටත් කරගැනීම. මෙම සටනේදී බෙබන්බර්ග් පාලන ප්‍රදේශයේ ප්‍රධානියා මියයන අතර ඔහුගේ පුත් උතඩ් වහලෙක් බවට පත්වෙනවා. ඒ වෙන කාගේවත් නෙවේ වයින්කින්වරුන්ගේ අර්ල්වරයෙක් වෙන රග්නාර් ලොත්බ්‍රොක්ගේ. ඉතින් රග්නාර් තීරණය කරනවා මේ කොලුවව දරුකමට හදාගන්න. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගොස් වසර ගණනකට පසුව රග්නාර්ව ඝාතනයට ලක්වෙනවා. එතැනදී උතඩ් තීරණය කරනවා යලිත් තමන්ට අයත් දේ ලබාගන්න. ඒත් ආපහු එන ඔහුට තමන්ගේ මාමා විශාල තර්ජනයක්. ඒවගේම රග්නාර්ගේ මරණයට සැක කරන්නෙත් උතඩ්ව. ඉතින් දෙපැත්තකින් එන ප්‍රහාරවලට උතඩ් මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ. වයිකින්ග්ස් කතා මාලාවට කැමති අය නම් අනිවාර්යෙන්ම මේ කතා මාලාව බලන්න ඕනෙ කියල තමයි අපි හිතන්නෙ.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This